gossiplanka alexa 1996 ක්‍රිකට් ලෝක කුසලානය ගෙන ඒමට පුරෝගාමී වූ වට්මෝර් නැවත පුහුණුකරු බවට පත්වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

1996 ක්‍රිකට් ලෝක කුසලානය ගෙන ඒමට පුරෝගාමී වූ වට්මෝර් නැවත පුහුණුකරු බවට පත්වේ

ඩේව් වට්මෝර් කියන්නේ 1996 ක්‍රික‍ට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට උරුම කර දීමට මූලිකත්වය ගත් ප්‍රමුඛයා. එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ඔහු ලබා දුන් මෙහෙවර අති විශිෂ්ඨයි. ලෝකකුසලානය හිමි විමෙන් පසු ඇති වූ ඇතැම් හේතුන් මත පසුව වට්මෝර් පුහුණුකරු තනතුරින් ඉවත්ව ශ්‍රී ලංකාව හැර ගියා.

ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට සුභ පුවතක් ගෙන එමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට ස්වර්ණමය යුගය උදාකර දෙන්නට කැප වුණු ඒ පුහුණුකරු නැවත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සම්බන්ධ වෙන්න සිය කැමැත්ත පල කර තිබෙන බව වාර්තා වනවා. ක්‍රිකට් පුහුණු උපදේශකවරයෙකු ලෙස නැවත වට්මෝර් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සේවයට පැමිණීමට සිය කැමැත්ත ප්‍රකාශ කර සිටිනවා. 1996 ලෝක ශූරයන්ගේ ප්‍රධාන පුහුණුකරු වුණ වට්මෝර් ශ්‍රී ලංකාවේ උපත ලැබූවෙක් වන අතර ඔහු පසුව ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පහළ මට්ටමේ සිට ජාතික කණ්ඩායම දක්වා අධීක්ෂණය කරන්නට පත් කිරීමට නියමිත බවයි වාර්තාවෙන්නේ. එනම් ඔහු වයස 15න් පහළ සිට 19න් පහළ දක්වා ජාතික කණ්ඩායම්, සංවර්ධන සහ ශ්‍රී ලංකා A කණ්ඩායම යන සංචිත සහ ජාතික සංචිතය අධීක්ෂණය කරන්නට නියමිතව තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu