gossiplanka alexa ක්‍රිකට් පුහුණුකරුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් ලංකාවට නරක කීර්ති නාමයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් පුහුණුකරුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් ලංකාවට නරක කීර්ති නාමයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය වෙනස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා කළ නියෝගය පිළිබද තමන් කිසිවක් දැන නොසිටි බවයි. 

"කිසිවෙකු ඒ සම්බන්ධයෙන් මා සමඟ කතාබහ කරලා නැහැ. අවංකව කියනවනම් මම දැං තමයි මේ සම්බන්ධයෙන් දැනුවත් වන්නේ. ඒක තමයි ඇත්ත. මේ දක්වා මම ඒ ගැන හිතලවත් නැහැ. ඔවුන් මා සම්බන්ධයෙන් ගන්නා තීරණය පිළිබඳ මට බලා සිටින්නට සිද්ධ වෙනවා. ඊට පස්සේ මම මගේ තීරණය ගන්නවා" යැයි ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.

එම මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයනේ ලේකම් මොහාන් ද සිල්වා ප්‍රකා ශ කර සිටියේ ක්‍රීඩා අමාත්‍යවරයාට අදාළ නිර්දේශ ලබා දීමට බලය ඇති බවත් ඒ අනුව ක්‍රිකට් ආයතනය ක්‍රියා කළ යුතු බවත්ය. "නමුත් මෙය ඉතාම තියුණු ප්‍රශ්නයක්. අපේ කොන්ත්‍රාත් බැඳීම් තියනවා. ජාත්‍යන්තරයෙන් ලංකාව ගැන තියෙන්නෙ නරක කීර්ති නාමයක් පුහුණුකරුවන් බඳවා ගැනීම සහ ඉවත් කිරීම ගැන. ඒ වගේම ඇමතිතුමාගේ නිර්දේශයට පිටින් අපිට යන්න බැහැ. අපේ විධායක කමි‍ටු ‍රැස්වීමක් 23 තියනවා. ඒකෙදි අපි සාකච්ඡා කරලා තීරණක් ගැනීමට අපි බලාපොරොත්තුවනවා" යැයි ඔහු වැඩි දුරටත් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu