gossiplanka alexa වම්බ‍ටු හේනේදී අපයෝජනයට ලක් කළ දැරියව තවත් මිතුරෙකුට ලබා දුන් පුද්ගලයාට දැරියගේ පියා දුන් දඬුවම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වම්බ‍ටු හේනේදී අපයෝජනයට ලක් කළ දැරියව තවත් මිතුරෙකුට ලබා දුන් පුද්ගලයාට දැරියගේ පියා දුන් දඬුවම

ඹුලු හල්මිල්ලෑව, හබරත්තාවල ප්‍රදේශයේ දරුවන් පස්දෙනකුගෙන් යුත් ඉතා අසරණව සිටින පවුලක දස හැවිරිදි දැරියකට  බරපතල ලෙස ලිංගික අපරාධයක් සිදුකළ පුද්ගලයෙකු දැරිය දූෂණය කළ ස්ථානයටම ගෙන ගොස් පහර දී ඝාතනය කර ඇතැයි වාර්තා වනවා. පොලීසියෙන් මඟ හැර සැඟවී සිටි මෙම අපරාධය සිදු කළ පුද්ගලයා 19 දින අලුයම කිසියම් පිරිසක් අල්ලාගෙන පහර දී ඝාතනය කර තිබෙන බව ගල්කිරියාගම පොලිසිය පවසනවා. 

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයේ දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී.එම්. දසනායක (50) නමැති දෙදරු පියෙක්. ඩැරියව මෙම පුද්ගලයා විසින් රවටා ගෙන ගොස් පසුගිය දිනෙක ඔහුගේම වම්බටු හේනකදී මෙම අපරාධය සිදුකොට තිබෙන බව මවුපියන් විසින් මීට දින කිහිපයකට ඉහතදී ගල්කිරියාගම පොලිසියට පැමිණිලි කර තිබුණා. 

පොලීසියෙන් සඟවී සිටි මෙම පුද්ගලයා නිවෙසක පිටුපස රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සහ අපරාධය සිදු වූ දැරියගේ පියා ඔහු අල්ලා ගැනීමට ගිය බවත් පසුව එම ස්ථානයේ දී ඇති වූ ගැටුමකින් මෙම පුද්ගලයා මිය යන්නට ඇති බවත් දැරියගේ මව කියා සිටිනවා. 

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ දස හැවිරිදි දැරිය ලිංගික අපයෝජනයට ලක්කොට ඔහුගේම තවත් මිතුරෙකුට මෙම දැරිය ලිංගික අපයෝජනයට ලබා දී තිබෙන බවයි. එම පුද්ගලයා ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර ප්‍රදේශයෙන් පලා ගොස් සිට 20 දින නීතිවේදියකු මාර්ගයෙන් ගල්කිරියාගම පොලිසියට භාර වූ බව වාර්තා වනවා. අපරාධයට ලක්වූ දැරියගේ පියා තමන් විසින් මෙම පහරදීම සිදුකළ බව පවසා ගල්කිරියාගම පොලිසියට භාර වූ බවත් ගල්කිරියාගම පොලිසිය කියා සිටිනවා. 

පොලිසියට භාර වූ පියා සහ අනෙක් සැකකරු කැකිරාව මහෙස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu