gossiplanka alexa විශේෂ තේරීම් කාරක සභාව අතිගරු කාදිනල්තුමාගෙන් කරුණු විමසීමට සැරසෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශේෂ තේරීම් කාරක සභාව අතිගරු කාදිනල්තුමාගෙන් කරුණු විමසීමට සැරසෙයි

මෙරටට එල්ල වූ පාස්කු ඉරු දින කුරිරු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කල විශේෂ තේරීම් කාරක සභාවට මේ වන විට බොහෝ දෙනෙක් සාක්ෂි ලබා දීමට ගෙන්වා තිබෙනවා. නවතම තොරතුරුවලට අනුව වාර්තා වන්නේ එසේ සාක්ෂි ලබා දීමට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවීමට නියමිත බවයි. 

මෙම කාරක සභාවේ සාක්ෂි විමසීම දී ජනාධිපතිවරයා සහ අගරදගුරුතුමන් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කෙරුණු නිසා එම තත්ත්වය මත ඔවුන්ගෙන් කරුණු විමසීම වැදගත් බවද කමිටුවේ අදහස වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම දෙදෙනා කමිටුව හමුවට කැඳවීමට සුදුසු නොවන බව අවබෝධ කර ගෙන ඇති නිසා ඔවුන් හමුවට ගොස් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවයි කමි‍ටු ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ. ඒ අනුව කමිටු සාමාජිකයන් විසින් අගරදගුරුතුමන් හා ජනාධිපතිවරයා හමුවීමට ගොස් ඒ සම්බන්ධයෙන් කරුණු විමසනු ඇති.

එසේම, එම කමිටුව විසින් මෙම සතිය ඇතුළත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu