gossiplanka alexa නැවෙන් එන කුණු වලට අමතරව ගුවනින් එන කුණු, රටපුරා විෂබීජ පැතිරීමේ විශාල ගැටළුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නැවෙන් එන කුණු වලට අමතරව ගුවනින් එන කුණු, රටපුරා විෂබීජ පැතිරීමේ විශාල ගැටළුවක්

ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම මෙරටට පැමිණෙන ගුවන්යානා වල අපද්‍රව්‍ය  සිය සමාගම සතු නයිකන්දේ පිහිටි දහනාගාරයට දමා පිලිස්සීම සිදු කිරීම වසර 15 ක කාළයක සිට සිදුකිරීම කල ද එම අපද්‍රව්‍යය ටෙන්ඩර් කැඳවා ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු අතට පත් කිරීමට කටයුතු සිදු කෙරිමින් පවතින බව වාර්තා වනවා. 

ගුවන්යානාවල අපද්‍රව්‍ය ගුවන්තොටුපලේදී එම ව්‍යාපාරිකයින්ට තෝරා ගැනීමට ලබා දෙන අතර ඉතිරිවන කොටස් පමණක් නයිකන්දේ පිහිටි දහනාගාරයට යැවීම සිදුවන අතව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටින්නේ මේ මඟින් විවිධ විෂබීජ රටපුරා ව්‍යාප්තවී විශාල සෞඛ්‍ය ගැටළුවක් රටේ ඇතිවීමේ ඉඩ කඩ ඇති බවයි. 

එම සංගමයේ සභාපති රංජිත් විතානගේ පවසා සිටින්නේ මේ වනවිට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය වී ඇත්තේ අපද්‍රව්‍ය විකිණීමද යන්න පිළිබඳව ගැටලුවක් පැන නැගී ඇති බවයි. මේ ක්‍රියාපටිපාටිය මඟින් රටතුළට ඇතුල්වන විෂබීජ පිළිබදව වගකියන්නේ ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම භාර ඇමතිවරයා වන අර්ජුණ රණතුංග හෝ ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයා වන ධම්මික රණතුංගද යන අයද කියා වැඩිදුරටත් ඔහු ප්‍රශ්න කරනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu