gossiplanka alexa ක්‍රිකට් පුහුණුකරුවන්ගේ වැ‍ටුප මෙන්න, හතුරුසිංහ හතරවන ස්ථානයේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් පුහුණුකරුවන්ගේ වැ‍ටුප මෙන්න, හතුරුසිංහ හතරවන ස්ථානයේ

2017 වසරේ දෙසැම්බර් මස සිට වසරකට රුපියල් කෝටි 6කට ආසන්න (දිමනා නොමැතිව) වැටුපක් ලබන බවට පැවසෙන එමෙන්ම ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රිකට් පුහුණුකරුවන් අතරින් සිවුවැනියා බවට පත්ව සිටින චන්දික හතුරුසිංහගෙන් අපේක්ෂිත සේවාව ඉටුවුණාද කියා කිසිවකුට හෝ ප්‍රශ්නයක් මතු නොවේ නම් එය පුදුමයකි. 

එයට ආසන්නතම හේතු ගණනාවක් ඇත. හතුරුසිංහ මහතාගේ පුහුණුකාරීත්වය යටතේ 2018 වසරේ ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 36කට සහභාගි වී ජයග්‍රහණ 10ක් ලබා ඇති නමුත් පරාජයන් 22ක්ද, ටෙස්ට් තරග 16කදී 6ක් ජයගෙන පරාජයන් 7ක්ද, විස්සයි-20 තරග 10කට සහභාගි වී තරග 8ක්ම පරාජය වී තිබීමේ වගකීමෙන් නිදහස් වීමට ඔහුට හැකියාවක් නැහැ. 

වසරකට රුපියල් කෝටි 21කට ආසන්න වැටුපක් ලබමින් ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රිකට් පුහුණුකරුවන් අතර පළමු ස්ථානයේ පසුවන ඉන්දියාවේ රවී ශාස්ත්‍රි පුහුණුකරණයේ යෙදෙන ඉන්දීය කණ්ඩායමත්,  දෙවැනියට වැඩිම වැටුපක් ලබන (වසරකට රුපියල් කෝටි 12කට ආසන්න) ජස්ටින් ලැන්ගර්ගේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමත්, තෙවැනියට වැඩිම වැටුපක් ලබන (වසරකට රුපියල් කෝටි 9කට ආසන්න) ට්‍රෙවර් බේලිස්ගේ එංගලන්ත කණ්ඩායමත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ නමුත් සිවුවැනියට වැඩිම වැටුපක් ලබන චන්දික හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හයවැනි ස්ථානයට පත්වූයේ ඇයිද යන්නත් විමසා බැලිය යුතුය. 

ඒ අනුව ඉදිරියෙන්ම සිටින පුහුණුකරුවන් තිදෙනා ඔවුන් ලබාගන්නා වැටුප වෙනුවෙන් ඔවුන්ගේ උපරිම දායකත්වය කණ්ඩායම වෙනුවෙන් ලබා දී තිබියදී හතුරුසිංහගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී ඇති දායකත්වය තේරුම්ගෙන ඔහුට ලබාදිය යුතු ස්ථානය ඉදිරියේදී තීරණය කිරීම බලධාරීන්ගේ යුතුකමකි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu