gossiplanka alexa ලෝකයටම අභිරහසක් වූ ප්‍රදේශය ආක්‍රමණය කිරීමට පන්ලක්ෂයක් දෙනා සූදානමින්, සන්නද්ධ හමුදාව අනතුරු අඟවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝකයටම අභිරහසක් වූ ප්‍රදේශය ආක්‍රමණය කිරීමට පන්ලක්ෂයක් දෙනා සූදානමින්, සන්නද්ධ හමුදාව අනතුරු අඟවයි

මෙරිකා එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යන ඒරියා 51 ලෙස හඳුනාගන්නා කලාපය යනු මෙතෙක් හඳුනා නොගත්, මෙතෙක් පැහැදිළි විස්තරයක් ඉදිරිපත් කිරීමට කිසිවෙකුටත් නොහැකිවූ අතිශය රහසිගත ලෙස ඇමෙරිකානු රජය විසින් පවත්වාගෙන යන්නා වූ ප්‍රදේශයක්. ගුවන් හමුදා කඳවුරක් ලෙස ලෝකයට පැවසුවද එහි පිටසක්වල ජීවීන් පවා ඇමෙරිකානු රජයට වැඩකරන ස්ථානයක් බව පැවසෙනවා. 

එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ ගෘම් නම් වියලි වැවේ ඉවුරක සැතපුම් 6-10 ප්‍රමාණයේ විශේෂ හමුදාමය සෘජුකෝණාස්‍ර ප්‍රදේශයක් පිහිටා තිබෙනවා. එය  ද රාන්ච්, ද බොක්ස්, රෙඩ් ස්ක්වෙයාර්, ගෘම් ලේක්, ඩ්‍රීම්ලන්ඩ් ඇතුළුව නම් ගණනාවකින්ම හැඳින්වුවත් ලෝකයා වඩාත් සුලභව එය හඳුනන්නේ ඒරියා 51 නමින්.

වසර ගණනාවක් තිස්සේ ඒරියා 51 සිතියම් වල පවා දක්නට ලැබුණේ නැහැ. එම භූමියට ඉහලින් ඇති ආර් 4808 ලෙසින් හඳුන්වන ගගන තලයට වාණිජ හෝ හමුදාමය යානාවන්ට ඇතුළු වීම තහනම් වනවා. එහි කටයුතු කෙරෙන්නේ හැමෝගෙන්ම වාගේ සඟවාගෙනයි. ඒරියා 51 කුමන කටයුත්තක් සඳහා යොදාගන්නේ දැයි නිල වශයෙන් හෙළිදරව් කර නැතත් ගුවන් යානා සහ ප්‍රහාරක අවි පර්යේෂණ සඳහා යොදා යොදාගන්නා බවට සාක්ෂි තිබෙනවා. 

කළු අහස යානා ලෙසින් හඳුන්වන රහස් අහස යානා පර්යේෂණයන්ද ඒ අතර වනවා. ඒරියා 51 හි රැකියාවේ නියුතු හැමෝම සියල්ලක්ම රහසිගතව තබා ගන්නා බවට දිවුරුම් ප්‍රකාශයක් අත්සන් කල යුතු වනවා. එම ප්‍රදේශයේ ඇති දැඩි ආරක්ෂාව සහ රහසිගත බව නිසාම නොයෙකුත් අනුමනකිරීම් වලට එය ලක් වුණා. සිදුවීම්, මිත්‍යා කතා සහ අද්භූත කතා එකට බැඳී, බොරුව කුමක්ද ඇත්ත කුමක්ද තෝරා ගැනීමට නොහැකි වන තරමට ඒරියා 51 අභිරහස් තැනක් බවට පත්ව තිබෙනවා. සිවුශේෂී අහස යානා පර්යේෂණ, අමුතු සිද්ධි සහ ගුප්ත බව නිසා ඒරියා 51 ප්‍රදේශයේ පිටසක්වල ජීවින් සම්බන්ධ කටයුතු සිදුවන්නේ යැයි මතවාදයක් පවතිනවා. 

මෙසේ කුතුහලයන් ‍රැසක් එක් කරමින් ඇමරිකාව පිටසක්වල ජීවින් රහසිගතව රඳවා ගෙන සිටින බවට විශ්වාස කෙරෙන නෙවාඩා වැලිකතරේ පිහිටි ඒරියා 51 මෙම විශේෂිත ප්‍රදේශය වැටලීමට 540,000 කට අධික පිරිසක් එක්ව ප්‍රතිඥා ලබාදි සිටින බවයි වාර්තා වන්නේ. ඒ ෆේස්බුක් හරහා ක්‍රියාත්මක වන වැඩසටහනකට අදාළවයි.

සැප්තැම්බර් මාසයේ මැද භාගයේ දිනක මෙම විශේෂිත ප්‍රදේශයට එක්වර කඩා වැදී පිටසක්වල ජීවින් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට අපේක්ෂා කරන බවයි එහි සංවිධායකයන් ප්‍රකාශ කළේ. 

මීට ප්‍රතිචාර දක්වන්නේ දැයි ආරක්ෂක අංශ වෙතින් කළ විමසීමකදී ඇමරිකානු ගුවන් හමුදා ප්‍රකාශකයෙකු කියා සිටියේ එවැනි ප්‍රතිචාරයක සැලසුම් හෙළි කළ නොහැකි බවයි.

කෙසේ නමුත්, ඇමරිකානු සන්නද්ධ හමුදා යටතේ පවතින එම ප්‍රදේශයට ඇතුළු නොවන ලෙසට ඔහු අනතුරු ඇඟවීමක් ද කළා.

මෙහි පිටසක්වල ජීවින් රඳවා සිටින බව හුදෙක් කල්පිතයක් වන බවයි විශ්වාස කෙරෙන්නේ.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu