gossiplanka alexa ජීවිත ආධාරක ඉවත් කිරීමේ නඩු තීන්දුවෙන් සංවේගයට පත් රෝගියා වෙනුවෙන් හඬා වැටෙන මිනිස්සු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජීවිත ආධාරක ඉවත් කිරීමේ නඩු තීන්දුවෙන් සංවේගයට පත් රෝගියා වෙනුවෙන් හඬා වැටෙන මිනිස්සු

ප්‍රන්ශ ජාතික 42 හැවිරිදි එරට හිටපු මනෝ චිකිත්සක හෙද නිලධාරියෙකු වන වින්සන්ට් ලැම්බර්ට් දශකයකට අධික කාලයක් කෝමා තත්ත්වයේ පසු වූවා  ඔහු ජීවත් වූයේ ජීවිත ආධාරක මඟින්. මෙලෙස ජීවිත ආධාරක යොදා ඔහුව් ජීවහ් කරවීම පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ නඩු විභාගයක් පැවැත් වුණා. 

එහි දී  භාර්යාව  සහ ඔහුගේ සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක්  ඔහුගේ ජීවිත ආධාරක ඉවත් කිරීම වෙනුවෙන් හඬ නගද්දී දෙම්වපියන්ට සහ සෙසු ඥතීන්ට අවශ්‍ය වුණේ ඔහු තවදුරටත් ජීවත් වනු දැකීමයි. කෙසේ වෙතත් අවසානයේ අධිකරණය ලබාදුන් තීන්දුවට අනුව ලැම්බර්ට්ට ට තවදුරටත් ජීවත් වීමට භාග්‍යය හිමිනොවූ අතර ඔහුගේ ජීවිත ආධාරක ඉවත් කිරීමට නියම කෙරුණා. 

ඒ අනුව යමින් වෛද්‍යවරුන් දශකයකට අධික කාලයක් වින්සන්ට් ලැම්බර්ට ගේ දිවි රැකගත් ජීවිත ආධාරක ඉවත් කිරීමට පියවර ගත් අතර ඉන් දින කිහිපයකට පසුව ඔහු මරණයට පත්වුණා. 

නඩු තීන්දුව පිළිබඳව දැනුවත් වීමෙන් පසුව ලැම්බර්ට් හඬා වැටුණු බවට පළ වූ වාර්තා බොහෝ දෙනෙකු සංවේගයට පත්කිරීමට සමත් වී තිබුණා. කෝමා තත්ත්වයේ පසු වූ  ලැම්බර්ට්  මරණය හේතුවෙන් එරට වැසියන් දැඩි කම්පාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. ලැම්බර්ට්ට මියයාමට ඇති අයිතිය පිළිබඳව එරට තුළ පුළුල් සංවාදයක්ද ගොඩ නැගුණා. 

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව ඔහු වෙනුවෙන් පැරිස් අගනුවර අනුස්මරණ මෙහෙයක්ද පවත්වා තිබෙනවා. . පැරිස් නුවර පිහිටි දේවස්ථාන අතුරින් නෝත්‍රදාම් දේවස්ථානයට පමණක් දෙවැනි වන ශාන්ත සල්පිස් දේවස්ථානය අසළ ඔහු වෙනුවෙන් පැවති අනුස්මරණ මෙහෙයට විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන්. ඒ අතර ඔහුගේ පවුලේ නීතිඥවරුන් ද වනවා.

යම් රෝගියෙකුට දෙන වෛද්‍ය ප්‍රතිකාර දැඩි නිර්දේශ යටතේ නතර කර එම රෝගියාගේ මරණය ඉක්මන් කළ හැකි අනායාස මරණය හෙවත් යූතනේසියාව ප්‍රංශය තුළ තවමත්  නීත්‍යානුකූල  කර නැහැ. කෙසේ වෙතත් 2016 වර්ෂයේ සම්මත වූ නව නීතියක් මගින් අසාධ්‍ය රෝගීන් මියයන තෙක් නිද්‍රා තත්ත්වයට පත්කිරීම  සඳහා වෛද්‍යවරුන්ට අනුමැතිය හිමිවන අතර එහිදී අනායාස මරණයක් සිදුවන්නේ නැහැ. 

යූතනේසියාව සහ නව නීතිය අතර පැහැදිලි වෙනස්කමක් දක්නට ලැබෙන අතර එවැනි  ක්‍රියාමාර්ගයක් ගත් ලොව පළමු රට වන්නේද ප්‍රංශයයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu