gossiplanka alexa අවසන් මහා තරඟයේ ප්‍රවේශපත් නොමැතිකම හේතුවෙන් උද්වේගකර තත්ත්වයක්, නවසීලන්තයෙන් ඉන්දියාවට ආයාචනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවසන් මහා තරඟයේ ප්‍රවේශපත් නොමැතිකම හේතුවෙන් උද්වේගකර තත්ත්වයක්, නවසීලන්තයෙන් ඉන්දියාවට ආයාචනයක්

"ආදරණීය ඉන්දීය ක්‍රිකට් ලෝලීන් වෙත, ඔබට තවදුරටත් අවසන් තරඟය නැරඹීමට අවශ්‍ය නැතිනම් කරුණාකර නිල වේදිකාව (ICCවෙබ් අඩවිය) හරහා ඔබේ ටිකට්පත් නැවත විකුණන්න. මේ අවස්ථාවේදී විශාල ලාභයක් ලබා ගැනීමට ඇතැමුන් උත්සාහ කිරීමට පෙළඹවී සිටින බව මම දනිමි. ධනවතුන්ට පමණක් නොව කරුණාකර සියලු අව්‍යාජ ක්‍රිකට් රසිකයින්ට ද ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන්න කටයුතු කරන්න"

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩයමේ තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නිෂම් සිය ටිවිටර් ගිණුම හරහා සටහනක් තබමින් ඉන්දීය ප්‍රේක්ෂකයින් ගෙන් කර තිබූ ඉල්ලීමක් තමයි ඒ සඳහන් කළේ. 

පලමු අවසන් පූර්ව තරඟයේ දී ඉන්දියා කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ නවසීලන්ත කණ්ඩායමයි. ඕස්ට්‍රේලියාව පරදා දෙවන අවසන් පූර්ව තරඟයෙන් එංගලන්තය අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා. කිසිවෙකු නොසිතූ අයුරින් මෙම කණ්ඩායම් දෙක අවසන් මහා තරඟයට තේරී පත් වු නිසා නවසීලන්ත සහ එංගලන්ත ප්‍රේක්ෂකයින්ට තරගය නැරඹීමට අවශ්‍ය ටිකට් පත් නොමැතිකමින් දැඩි උද්වේගකර තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ මෙවර ලෝක කුසලාන අවසන් තරගයට ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරනු ඇති බවට විශ්වාසයෙන් බොහෝ ඉන්දීය ක්‍රීඩා ලෝලීන් අවසන් මහ තරගයේ ප්‍රවේශ පත් මිලදී ගැනීම හේතුවෙන්. 

ඇතැම් නවසිලන්ත සහ එංගලන්ත ප්‍රේක්ෂකයින් වැඩි මුදලකට හෝ අවසන් මහ තරගයේ ප්‍රවේශ පත් මිලදී ගැනීමට උත්සහ දැරුවත් එයද සාර්ථක නොවන බවයි එරටින් ලැබෙන වාර්තා වලින් දැක්වෙන්නේ.

ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිය රටේ ක්‍රීඩා ලෝලීන් හට අවසන් තරගය නැරඹීමට අවස්ථාව උදාකර දීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩයමේ තුන් ඉරියව් ක්‍රීඩක ජිමි නිෂම්  සිය ටිවිටර් ගිණුම හරහා ඒ අයුරින් සටහනක් තබමින් ඉන්දීය ප්‍රේක්ෂකයින් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu