gossiplanka alexa විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින්. රජයේ ඉහල පෙලේ නිලධාරින් ‍රැව‍ටුණු මෝටර් රථ බෙදා හරින්නා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින්. රජයේ ඉහල පෙලේ නිලධාරින් ‍රැව‍ටුණු මෝටර් රථ බෙදා හරින්නා

දැනට මාස කිහිපයකට පෙර ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි එක්තරා පුද්ගලයෙක් තමාගේ දරුවෙකු අසනීප වී කරාපිටිය රෝහලට ගිය අවස්ථාවේ දී වෛද්‍යවරියක හා හැඳුනුම්කමක් ඇති වී තිබෙනවා. එහි දී ඔහු එම වෛද්‍යවරියට තමාව හඳුන්වා දී ඇත්තේ මෝටර් රථ ගෙන්වා අලෙවි කරන අයෙකු ලෙසින්. 

ඒ අනුව දැන හැඳිනගැනිමෙන් පසු නවින පන්නයේ බෙන්ස් මෝටර් රථයක් අඩු මුදලට ගෙන්වා දිය හැකි බව පැවසිම නිසා විශේෂඥ වෛද්‍යවරිය එක් වරම ඔහුගේ ගිණුමට රුපියල් ලක්ෂ හතළිස් පහක් බැරකර තිබෙනවා. 

ඉන්පසු ටිකෙන් ටික සැකකරු වෛද්‍යවරිය මග හරින්නට පටන්ගෙන ඇති අතර වැඩි දුරටත් සොයා බැලිමේදි දැන ගන්නට ලැබි ඇත්තේ ඔහු පදිංචියද වෙනස්කර ඇති බව දැනගන්නට ලැබී ඇත. ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොවු නිසා වෛද්‍යවරිය පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.

මෙ ආකාරයට විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වන ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස පෙනි සිටිමින් විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින්. රජයේ ඉහල පෙලේ නිලධාරින් ඇතුලු විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් රවටා රුපියල් පන් කෝටියකට අධික මුදලක් වංචා කල මෙම පුද්ගලයා පසුගිය දා අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසනවා.

දිවයිනේ ප්‍රසිද්ධ වෙළඳ ආයතනක ශාඛා කළමනාකරු හමුවි තමා විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කරන ව්‍යාපාරිකයෙකු බව පවසා   පසුව එම වෙළඳ ආයතනයට භාණ්ඩ ගෙන්වා දිමටදල හවුල් ව්‍යාපාරයක් ආරම්බ කිරිමට යයි පවසා පුද්ගලයින් රවටා මුදල් ලබා ගැනිමෙන්ද . විදේස් රටවල රැකියා ලබාදෙන බවට පොරොන්දුවි මුදල් ලබා ගැනිම  ඇතුලු විවිධ උපක්‍රමවලින් මුදල් ලබාගත් බවට සැකකරුට එරෙහිව මේ වනවිට පැමිණිලි අටක් පමණ ලැබි ඇති බවද ඒවායේ පමණක් වංචාකර ඇති මුදල කොටි පහකට අධික බවද පොලිසිය පවසනවා. 

පොලිසිය පැවසුවේ සැකකරුට එරෙහිව මහියංගණය, තංගල්ල ආදි ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණන් වංචා කර ඇති බවටද තොරතරු ලැබි ඇති බවයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu