gossiplanka alexa නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට වෙස් වලාගත් ආශිර්වාදයක් වූ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හැසිරීම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට වෙස් වලාගත් ආශිර්වාදයක් වූ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හැසිරීම

ස්ට්‍රේලියානුවන් සමඟ මෙල්බර්න්හී පැවති එක්දින තරගයක් ජය ගැනීමට නවසීලන්තයට අවසන් පන්දුවෙන් ලකුණු හතක් ලබා ගැනීමට සිදු වුනා. ඒ 1981 වසරේ දි. පන්දුවට පහර දීමට නවසීලන්තයේ බ්‍රයන් මැකෙන්සි සූදානම්ව සිටියා. පන්දු යවමින් සිටියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ට්‍රෙවෝ චැපල්.  

ඒ අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියානු නායක ග්‍රේග් චැපල් තම සොයුරා වන ට්‍රෙවෝට උපදෙස් දෙන්නේ පන්දුව අත යටින් යවන ලෙසයි. . එම සිද්ධියෙන් අනතුරුව බොහෝ නවසීලන්ත ජාතිකයින් ක්‍රිකට් ක්‍රීඩාව පිටුපසින් එක්රොක් වුනා. මෙම සිදුවීම ක්‍රිකට් ලොව බොහෝ දෙනා ඉතා පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කළා.

නමුත් ඇතැම් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් අද මෙම සිදුවීම දෙස බලන්නේ වෙනස්ම කෝණයකින්. ශ්‍රීමත් රිචර්ඩ් හැඩ්ලිත් එවැන්නෙක්. එදා තරගයේ මතකය ශ්‍රීමත් හැඩ්ලි තවදුරටත් ගෙන එන්නේ මේ ආකාරයෙන්.

“මම ඇතුළු බොහෝමයක් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් තමන්ගේ ජීවිත කාලයම කැපකළේ ක්‍රිකට් කියන ක්‍රීඩාව නවසීලන්ත ජනතාවට සමීප කරන්න. නමුත් එවැන්නක් සාර්ථක කරගැනීමට අපට කිසිම ආකාරයක හැකියාවක් තිබුණේ නැහැ.

නවසීලන්ත ජාතිකයින් සෑම විටකම රගර් ක්‍රීඩාව මුල් තැනෙහි තබා සිටි ජාතියක්. අපිට ලොකු උවමනාවක් තිබුණා ක්‍රිකට් කියා ක්‍රීඩාවකුත් නවසීලන්තයේ පවතින බව ඔවුන්ට හඟවන්න. අප සෑහෙන කාලයක සිට විවිධාකාරයෙන් එයට උත්සහ කළා. නමුත් ග්‍රේග් චැපල් නම් ඕස්ට්‍රේලියානු නායකයා තත්පර ගණනකින් ඒ සියලු බලාපොරොත්තු මල්ඵල ගැන්වූවා. එම සිද්ධියෙන් අනතුරුව බොහෝ නවසීලන්ත ජාතිකයින් ක්‍රිකට් ක්‍රීඩාව පිටුපසින් එක්රොක් වුනා.

“1981 වසරේ පෙබරවාරි පළමු වැනිදා සවස 5.42ට සිදු වූ එම සිදුවීම මම අදටත් විශ්වාස කරන්නේ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වූ හොඳම දේ කියල. එය සැබවින්ම වෙස්වලාගත් ආශීර්වාදයක්.”

"මා දන්නා පරිදි ග්‍රේග් චැපල් එම පන්දුව අත යටින් යැවීමේ සිද්ධිය ගැන ආඩම්බර වන්නේ නැහැ. නමුත් මම ඔහු මුණගැහුණාම සෑම විටම සිනාමුසු පවසනවා නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කළ සේවය මිල කළ නොහැකි බව"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu