Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන 5ක දඩයක් නියම කිරීමට ඇමරිකානු නියාමන ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ෆේස්බුක් ග්‍රාහකයන් මිලියන 87කගේ තොරතුරු දේශපාලන ප්‍රචාරක ආයතනයකට ලබාදීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් කෝටි 90,000කට ආසන්න මුදලක්. 

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ඇත්තේ ඇමරිකානු මධ්‍යම වෙළද කොමිසම මගින්. ෆේස්බුක් ආයතනය සිය ග්‍රාහක තොරතුරු කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය වෙත ලබාදීම සම්බන්ධයෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී ඔවුන් පරීක්ෂණයක් ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙනුයි අදාළ දඩය නියම කර ඇත්තේ. 

ඒ සඳහා සමාන දේශපාලන නියෝජනයක් සහිත මධ්‍යම වෙළඳ කොමිසම තුනට දෙකක් ලෙස කැමැත්ත පළ කර ඇති බව සඳහන්.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page