gossiplanka alexa Android ජංගම දුරකථන භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීමක් - චීනය, ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව ඉලක්ක කිරීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Android ජංගම දුරකථන භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීමක් - චීනය, ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව ඉලක්ක කිරීමක්

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් ජංගම දුරකතන භාවිතා කරන්නන්ට අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජංගම දුරකතන නවතම නොහොත් අනිෂ්ට යෙදුම් ග්‍රහණයට ලක්ව ඇතැයි පවසමින්. එම නිවේදන්ය පහතින්. 

"මිලියන 25ක් පමණ වූ Android ජංගම දුරකථන ප්‍රමාණයක් නවතම Malware නොහොත් අනිෂ්ට යෙදුම් ග්‍රහණයට ලක්ව ඇතැයි නවතම සොයාගැනීමකින් හෙළිදරව් වී තිබේ.

මෙම Malware යෙදුම් චීන අන්තර්ජාල සමාගමක් සතු Android මෙහෙයුම් පද්ධතිය සදහාවූ යෙදුම් ලබාගැනීමට ඇති ‘9Apps‘ නම් යෙදුම් වෙළදසැලෙන් Android ජංගම දුරකථන මිලියන 25කට පමණ පැතිරිගොස් ඇතැයි සොයාගැනීම් වලදී හෙළිවී තිබේ.

9Apps නම් මෙම Android යෙදුම් වෙළදසැල චීනය, ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව වැනි රටවල් ඉලක්ක කරගනිමින් පවත්වාගෙන ගොස් ඇති අතර තෙවන පාර්ශවයක් විසින් නවීකරණයට ලක්කරන ලද Android යෙදුම් ලබාගැනීමටද මෙය ජනතාව අතර ජනප්‍රිය වී ඇතැයි සොයාබැලීම් වලදී අනාවරණය වී තිබේ.

මෙම යෙදුම් වෙළදසැලෙන් ලබාගත් Android යෙදුම් හරහා සොයාගන්නා ලද Malware නොහොත් අනිෂ්ට යෙදුම් මිලියන 25ක ජංගම දුරකථන වලට ආසාදනය වී ඇති අතර ඇමරිකාවෙන් 303,000 ආසාදීත ජංගම දුරකථන 137,000 අසාදිත ජංගම දුරකථන ප්‍රමාණයක් එංගලන්තයෙන් සොයාගෙන ඇත.විශේෂයෙන්ම තෙවන පාර්ශවයක් හරහා නවීකරණය කරන ලද WhatsApp, Opera Mini, Flipkart, SwiftKey වැනි යෙදුම් හරහා මෙම අනිෂ්ට යෙදුම් පැතිරගොස් ඇත.

මෙම අනිෂ්ට යෙදුම් භාවිතා කරමින් එම අනිෂ්ට යෙදුම් නිර්මාණ කරුට ඔබගේ ජංගම දුරකතනයේ ඇති සියලුම ලිපිගොනු, චායාරූප, සබැදුම් නැරබීමට හා ඒවායේ පිටපතක් අන්තර්ජාලය හරහා ලබාගැනීමට හැකියාව ඇති බැවින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සෑම විටම තෙවන පාර්ශවයක් මගින් නවීකරණයට ලක්කරන ලද Android යෙදුම් 9Apps වැනි යෙදුම් අලෙවිසැල් වලින් ලබාගැනීමෙන් වැලකි සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ජංගම දුරකතනයට Android යෙදුම් ලබාගැනීමට Google Play Store භාවිතා කරන ලෙසත් ජනතාවට මතක්කර දෙමු."

– ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu