gossiplanka alexa ඉන්දීය ක්‍රිකට් ආයතනය කෝලිගේ කැමැත්ත නොතකා මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කිරීමේ ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දීය ක්‍රිකට් ආයතනය කෝලිගේ කැමැත්ත නොතකා මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කිරීමේ ලකුණු

න්දියානු ක්‍රිකට් ආයතනය මේ දිනවල තම කණ්ඩායමට සුදුසු පුහුණුකරුවෙකු සොයා ගැනීමට වෙහෙසෙමින් සිටිනවා. නව ප්‍රධාන මුහුණුකරු ධූරය  සඳහා යොමු කර ඇති ඉල්ලුම්පත් ගණන හයක්. එයින් තිදෙනෙකු සඳහා ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. 

ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමේ ප්‍රධාන සුදුසුකම ලෙස දක්වා තිබුණේ අවසන් වසර දෙකේදී ජාත්‍යන්තර අත්දැකීම් තිබීම සහ ටෙස්ට් තරග 30 ක් හෝ එක්දින තරග 50 ක් ක්‍රීඩා කර තිබීමයි.

ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන, නවසීලන්තයේ මයික් හේසන්, දකුණු අප්‍රිකාවේ ගැරී කර්ස්ටන්, එංගලන්තයේ ටෙ‍්‍රවර් බේලිස්, ඔසට්‍රේලියාවේ ටොම් මූඩි සහ හිටපු ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි ඉල්ලුම්පත් යොමු කල හය දෙනා වනවා. ඒ අතරින් මහේල ජයවර්ධන, ගැරී කර්ස්ටන් යන දෙදෙනාගෙන් එක් අයකු ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්කිරීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනය වැඩි අවධානයක් යොමුකර ඇතැයි වාර්තා වෙනවා. තෝරාගත් අවසන් පුහුණුකරුවන් තිදෙනා අතරින් වැඩිම ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංඛ්‍යාවකට සහභාගි වී ඇත්තේ මහේල ජයවර්ධන වන අතර ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අයි. පී. එල්. ශූරතාව දෙවරක් දිනා දීමේ පුහුණුකරුවාද වෙනවා.

කෙසේ වෙතත් ඉන්දියානු නායක විරාට් කෝලි රවි ශාස්ත්‍රී පුහුණුකරු ධුරයේ රඳවා ගැනීම සඳහා වැඩි කැමැත්තක් දක්වන බවට වාර්තා වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu