gossiplanka alexa හතුරුගේ ගිවිසුම තිබිය දී ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් නිලධාරීන් කණ්ඩායමට පුහුණුකරුවෙකු සොයා යයි, තිදෙනෙකු සමඟ සාකච්ඡා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හතුරුගේ ගිවිසුම තිබිය දී ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් නිලධාරීන් කණ්ඩායමට පුහුණුකරුවෙකු සොයා යයි, තිදෙනෙකු සමඟ සාකච්ඡා

එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් නිලධාරීන් කිහිප දෙනෙකු ලංකා කණ්ඩායමට පුහුණුකරුවෙකු ‍තෝරා ගැනීමට ලෝක ක්‍රිකට් පිටියේ නම ගිය පුහුණුකරුවන් කිහිපදෙනකු  සාකච්ඡා පවත්වා ඇති බවට වාර්තා වනවා. 

ශ්‍රී ලංකා හිටපු පුහුණුකරුවෙකු වන එංගලන්ත ජාතික පෝල් ෆාබ්‍රාස් සහ සිම්බාබ්වේ හිටපු ක්‍රීඩක සහ පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන පිතිකරුවන්ගේ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මේ අතර විශේෂ ස්ථානයක් ගන්නා බවද වාර්තා වනවා. 

ශ්‍රී ලංකාවට දඟපන්දු යවන්නන්ගේ විදේශීය පුහුණුකරුවෙකුගේ සේවය ලබා ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බව වැඩි දුරටත් ආරංචි මාර්ග පවසනවා. තව ද ඉන්දීය හිටපු දඟපන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං මහතා උපදේශකයකු ලෙස සති කිහිපයක් කටයුතු කිරීමට කැමැත්ත පළකර ඇති බවද දැනගන්නට තිබෙනවා. 

කෙසේ වෙතත් පෝල් ෆාබ්‍රාස් ශ්‍රී ලංකා පුහුණුකරු ධුරය බාර ගැනීමට වඩාත් කැමැත්තෙන් පසුවන බව දැනගන්නට තිබෙනවා. මීට පෙර ට්‍රෙවෝ බේලිස් මහතා යටතේ 2007 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ  පෝල් ෆාබ්‍රාස් පසුව බේලිස් මහතා ඉවත් වීමෙන් අනතුරුව ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

ෆාබ්‍රාස් මහතා පුහුණුකරු ලෙස කටයුතු කරද්දී ශ්‍රී ලංකාව 2014 වසරේ විස්සයි20 ලෝක කුසලාන ශූරතාව සහ එම වසරේම ආසියානු කුසලාන ශූරතාව දිනා ගැනීමට ලංකා පිල සමත් වුණා. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම ලබන වසර දක්වා පවතින බව දැනගන්නට තිබේ. ඒ අනුව නව පුහුණුකරුවකු පත්කිරීම ගැටලුවක් නිර්මාණය වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu