gossiplanka alexa ඉන්දියා ක්‍රිකට් පුහුණු මණ්ඩලය විසුරුවා හරී - මහේල, වාස්, ඩිල්ෂාන් ඉන්දීය පුහුණුකරුවන් ලෙස ඉන්දියාවට ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියා ක්‍රිකට් පුහුණු මණ්ඩලය විසුරුවා හරී - මහේල, වාස්, ඩිල්ෂාන් ඉන්දීය පුහුණුකරුවන් ලෙස ඉන්දියාවට ?

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියෙදී ඉන්දියා කණ්ඩායමට අවසන් තරඟයට ඒමට නොහැකි වීම එරට ක්‍රිකට් උඩු යටිකුරු කරන්නට සමත් වී තිබෙනවා. මේ වන විට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ ඉන්දියානු ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයම විසුරුවා දැමීමටයි.

පුරප්පාඩූ වූ තනතුරු වලට නව ප‍්‍රධාන පුහුණුකරුවකු සහ සහාය පුහුණුකාර්ය මණ්ඩලයක් පත්කිරීමට එරට ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර ඒ සඳහා මේ වන විට ඉල්ලූම්පත් භාර ගැනීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පුරප්පාඩු වන නව තනතුරු වන්නේ ප‍්‍රධාන පුහුණුකරු, පන්දු යැවීමේ පුහුණුකරු, පන්දු රැකීමේ පුහුණුකරු, භෞතචිකිත්සක, පුහුණු උපදේශක කළමනාකාර යන තනතුරුයි. අදාල තනතුරු සඳහා ඉල්ලූම්පත් භාර ගැනීමෙන් අනතුරුව එම පුරප්පාඩු පිරවීමට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව නව පුහුණුකරුවන් ලබන 30 වැනිදාට පෙර ඉල්ලූම්පත් යොමු කර යුතුව තිබෙනවා.

මේ අතර එරට මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය මහේල ජයවර්ධනත්, වේග පන්දු පුහුණුකාරීත්වයට චමින්ද වාස්ද, පන්දු රැකීමේ පුහුණුකරු ලෙසට තිලකරත්න දිල්ෂාන්ද පත් කළ යුතු බවට යි.  
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu