gossiplanka alexa ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟයේදී අහඹුලෙස හිමිවුණ ලකුණු හතර එපා කියූ බෙන් ස්ටොක්ස්ට නයිට් පදවියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟයේදී අහඹුලෙස හිමිවුණ ලකුණු හතර එපා කියූ බෙන් ස්ටොක්ස්ට නයිට් පදවියක්

ක්‍රිකට් ලෝක කුසලාන උණුසුම අවසන් වුවත් එංගලන්ත නවසීලන්ත කණ්ඩායම්වල තිබූ තරඟකාරී බව නිසාම සිදු වූ සිද්ධීන් තවමත් කතා බහට ලක් වෙමින් තිබෙනවා. එම ලෝක කුසලාන අවසන් තරඟය ගැන අසන්නට ලැබෙන අළුත්ම ආරංචිය තමයි බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ අහම්බෙන් වැඳී හතරේ සීමාව පසු කර යාමෙන් ලැබුණු ලකුණු හතර ඉවත්කරන ලෙස  ස්ටොක්ස් විනිසුරුවරුන්ගෙන් ඉල්ලා ඇති බව මයිකල් වෝන් මාධ්‍යයට හෙළි කිරීමයි.

මෙම තරඟයේ තීරණය වෙනස් වීමට ප්‍රධාන ලෙසම බලපෑ හේතුවක් වූයේ මාටින් ගප්ටිල් විසින් පන්දුව රැකගෙන කඩුල්ල වෙත එල්ල කරද්දී පන්දුව බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී පන්දුව හතරේ සීමාවට යෑමයි.

එහිදී හතරේ සීමාවට ගිය ලකුණු 4ත් එංගලන්ත ක්‍රීඩකයින් කඩුලු අතර දුවමින් ලබා ගත් ලකුණු 2ත් සමඟ මුළු ලකුණු 6ක් හිමි වී තිබුණා. එහිදී ඔවුන්ට හිමි විය යුතු ලකුණු සංඛ්‍යාව 5ක් බවයි පසුව අනාවරණය වුණේ.

ජිමී ඇන්ඩර්සන් මාධ්‍යට පවසා තිබෙන්නේ “ක්‍රීඩාවේ ආචාරධර්ම වලට අනුව ඒ අවස්ථාවේ දී ක්‍රීඩකයෙක් පන්දුව එන මග හිතා මතා ආවරණය කරමින් සිය කඩුල්ල රැකගත්තේ නම් එය වරදක්. නමුත් මේ අවස්ථාවේ දී මම හිතන්නේ නැහැ එහෙම දෙයක් වුනා කියලා. නමුත් අවාසනාවන්ත ලෙස පන්දු රකින්නා කඩුල්ලට එල්ල කළ පන්දුව ස්ටොක්ස්ගේ පිත්තේ වැදී 4 සීමාවට ගියා. එය ක්‍රිකට් පොතේ දැනට තිබෙන නීතිය අනුව 4 පහරක් වුනත් කිසිම කෙනෙක්ට මොකුත් කරන්න බැහැ.” යනුවෙන්. 

කෙසේ වෙතත් පිත්තේ වැදී හතරේ සීමාවට පන්දුව යෑමෙන් ලැබුණු අමතර ලකුණු 4 ඉවත් කරන්නට හැකි දැයි තමා විනිසුරුවරුන්ගෙන් ඇසූ බව "බෙන් ස්ටෝක්ස්" එංගලන්තයේ හිටපු ක්‍රීඩකයෙකු වන "මයිකල් වෝන්ට" පවසා තිබෙනවා. ඒ බව වොන් එරට මාධ්‍ය වෙත හෙළිකර තිබුණා.

“මම මගේ ජීවිත කාලය පුරාවට කේන්ගෙන් සමාව ඉල්ලනවා. මේ දෙය අපිට මෙහෙම වෙන්න කියලා තරුවල ලියලා තිබුණා වෙන්න පුළුවන්.” යනුවෙන් මෙම සිදුවීම ගැන තරඟයෙන් පසුව බෙන් ස්ටෝක්ස් පවසා තිබුණා. 

නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන්ද මේ ගැන අදහස් දක්වා තිබූ අතර ඔහු පවසා සිටියේ “එය තරමක ලැජ්ජාවක්. සිදු විය නොයුතු යමක්. ඔබ බලාපොරොත්තු වෙන්නේ එවැනි සිදු වීමක් මෙවැනි මොහොතක සිදු නොවිය යුතුයි කියලා. ඇතැම් වෙලාවකට මෙම ලෝක කුසලානය අපිට හිමි නොවීමට තිබෙන්න ඇති. මම හිතන්නේ නැහැ මෙවැනි සිදුවීමක් මීට කලින් සිදු වෙලා ඇති කියලා. ක්‍රීඩාව පිළිබඳ පොඩි පොඩි දේවල් ගොඩක් තිබෙනවා අපි නොසිතුවාට ක්‍රීඩාවට ඒවා ඉතා වැදගත්.” යනුවෙන්.

කෙසේ වෙතත් අවසන් තරඟයේදී නවසීලන්තයට එරෙහිව නොදැවී පන්දු 98 තුළ නොදැවී ලකුණු 84ක් ‍රැස් කරමින් තරඟයේ වීරයා සම්මානය හිමි වූ බෙන් ස්ටෝක්ස් ට බ්‍රිතාන්‍යයේ ඉහළම ගෞරව නාමය වන "නයිට්" පදවිය පිරිනැමීමට සූදානමක් පවතින බව වාර්තා වනවා.

වර්තමාන එංගලන්ත අගමැතිනිය වන තෙරේසා මේ සිය අගමැති තනතුරින් ඉවත්ව ගියත් එම තනතුරට ඉදිරිපත්වන්නට බලාපොරොත්තු වන අපේක්ෂකයින් දෙදෙනාද ස්ටෝක්ට එම ගෞරවය ලබා දීම ගැන සුබවාදී ප්‍රතිචාර දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu