gossiplanka alexa තනි වූ දැරියකට සිදුවීමට ගිය අතවරය ආරක්ෂක අංශ නිසා වැළකේ, දෙමාපියනි කුඩා දරුවන් ගැන අවධානයෙන් සිටින්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තනි වූ දැරියකට සිදුවීමට ගිය අතවරය ආරක්ෂක අංශ නිසා වැළකේ, දෙමාපියනි කුඩා දරුවන් ගැන අවධානයෙන් සිටින්න

බෙදාහැරීමේ රියදුරෙකු ලෙස සේවය කරන 19 හැවිරිදි තරුණයෙකු විදුලි සෝපානයේ තනිවූ පුංචි දැරියකට ලිංගික අතවර කිරීමට තැත්කරන වීඩියෝවක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කිරීඅම්ත් සමඟම එම සිදුවීම ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. අදාළ පුවතත් සමඟ එම සිදුවීමට අදාළ CCTV දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට ද පටන්ගෙන තිබෙනවා.

දකුණුදිග චීනයේ ඝුඅන්ග්ඩොන්ග් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක විදුලි සෝපානයක් තුළදීයි මෙම සිදුවීම වී ඇත්තේ. එහිදී තරුණයෙක් විසින් විදුලි සෝපානයේ තනිව සිටින කුඩා දැරියක් වඩාගෙන ඉන් පිටතට යන අයුරු දැක්වෙනවා.

මෙම දැරියගේ මව්පියන් පිළිබඳවද නිශ්චිත තොරතුරක් සඳහන් වී නොමැති අතර දැරිය ඒ මොහොතේ එම ස්ථානයේ තනිව සිට ඇත්තේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව එරට ආරක්ෂක අංශ පැහැදිළි කිරීමක් සිදුකර නැහැ. විදුලි සෝපානයෙන් දැරිය රැඟෙන පිටතට ගමන්කරන මෙම සැකකරුගේ උත්සහය වැලකී යන්නේ ගොඩනැගිල්ලේ පහල සිටි ආරක්ෂක අංශයට ඔහු හසුවීම හේතුවෙන්. එම ආරක්ෂක අංශ පොලිසිය කැඳවා සැකකරු භාරදී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.

මෙම සිදුවීම හේතුවෙන් දැරියට කිසිදු හානියක් සිදුව නොමැති බවයි වාර්තාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu