gossiplanka alexa පෞද්ගලික අංශයේ සේවකයින්ට හිමි අඩ වැ‍ටුප් ද ? ඇමති තීරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෞද්ගලික අංශයේ සේවකයින්ට හිමි අඩ වැ‍ටුප් ද ? ඇමති තීරණය

පෞද්ගලික අංශයේ සේවකයින්ට අස වැ‍ටුප් ගෙවීම පසුගිය මාර්තු මාසයේ සිට ජූනි මාසය දක්වා පැවති අතර ඉන් පසුව එය සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කෙරුණා. ඒ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාගම්වල ආදායම් තත්ත්වය පහත වැටීම හේතුවෙන්. 
 
එම අඩ වැ‍ටුම් ගෙවීම නැවත දෙසැම්බර් දක්වා දීර්ඝ කරන ලෙස  හාම්පුතුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ කම්කරු අමාත්‍යංශයේ පැවති කොව්ඩ් 19 කම්කරු කාර්ය සාධක බලකායේ රැස්වීමේ දි. හාම්පුතුන්ගේ සංගමය ඉල්ලා ඇත්තේ අඩ වැ‍ටුප් හෝ රු. 14,500 යන දෙකෙන් වැඩි මුදල සේවක වැ‍ටුප් ලෙස ලබා දීමට දෙසැම්බර් දක්වා සහන කාලයක් ලබා දෙන ලෙසයි.

නමුත් එයට පිළිතුරු ලබා දුන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ එම ඉල්ලීමට එකඟවිය නොහැකි බවයි. 

සංචාරක කර්මාන්තය හැර අනෙකුත් කර්මාන්ත විශේෂයෙන් ඇඟළුම් කර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් ඇති බැවින් එම ඉල්ලීමට එකඟවිය නොහැකි බවත් යම් සමාගමක නිෂ්පාදන කටයුතු පහත වැටී ඇත්නම් දත්ත හා සංඛ්‍යා ලේඛන ඊළඟ සාකච්ඡාවට ඉදිරිපත් ලෙසත් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා. එසේ පහත වැටීමක් සිදු වී ඇති අංශ පිළිබඳව ඉන්පසු සලකාබැලීමට හැකි බව අමාත්‍යවරයා පැහැදිලි කර තිබෙනවා.

එසේම මෙම සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ කිසිදු සේවකයෙකු සේවයෙන් ඉවත් නොකිරීමට හාම්පුතුන්ගේ සංගමය එකඟ වී තිබුණත් විවිධ හේතු පෙන්වමින් සේවකයින් ආයතන වලින් ඉවත් කර ඇති බවයි. මේ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් එයට කිසිදු පියවරක් මේ දක්වා ගෙන නොමැති බවත් ඔවුන් පවසා තිබෙනවා. 

එයට පිළිතුරු ලබා දුන් කම්කරු අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට  උපදෙස් ලබා දී ඇත්තේ ඒ සියළු පැමිණිලි සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් මීළඟ සාකච්ඡාවේ දී ඉදිරිපත් කරන ලෙසයි. මෙවැනි පැමිණිලි 50ක් පමණ මේ වන විට ඉදිරිපත් කර ඇති බව වෘත්තීය සමිති පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu