gossiplanka alexa නාමපුවරු සමඟ සිටි පොලිස් කාන්තාවන් ඉවතට, බස් රථ හිමියන්ගේ විරෝධය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නාමපුවරු සමඟ සිටි පොලිස් කාන්තාවන් ඉවතට, බස් රථ හිමියන්ගේ විරෝධය

යේ (15) දිනයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ මාර්ගවල ඇතිවන රථවාහන තදබදය අවම කිරීම සඳහායි. 

මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක්ද දියත් කර තිබෙනවා. ඩ්‍රෝන කැමරා මඟින් ලබා දෙන තොරතුරු එසැණින් පොලිසීය වෙත ලබා දෙන බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කරන්නේ. රාජගිරිය, නුගේගොඩ, බොරැල්ල සහ ගාලු පාර ආවරණය වන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.

එසේම කොළඹ නගරයට ඇතුළුවන ත්‍රී රෝද රථ සහ යතුරු පැදි වම් පස මංතීරුවේ පමණක් ධාවනය කිරීමේ පෙරහුරුවක් (16) ක්‍රියාත්මක වනවා. මංතීරු නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරවීමෙන් කාර්යාල සහ පුද්ගලික ආයතන සඳහා පැමිණෙන කාර් රථ සහ වෑන් රථවලට ප්‍රමුඛත්වය ලබා දී ගමනාන්තය දක්වා පැමිණීමට ඉඩ සලස්වා දීම මෙහි අරමුණයි.

කෙසේ වෙතත් බස් ප්‍රමුඛතා මංතීරුවේ ම ත්‍රී රෝද රථ සහ යතුරු පැදි ගමන් කරවීමට සැලැස්වීමේ නිතියට පෞද්ගලික බස් සංගමයේ විරෝධය එල්ල වී තිබෙනවා. ඔවුන් පවසන්නේ යතුරුපැදි කරුවන් වමෙන් හෝ දකුණින් බස් රථවලට ඉස්සර කිරීමට යාමෙන් මාර්ග අනතුරු වැඩි විය හැකි බවයි. මෙම තීරණය අඛණ්ඩව පැවතියහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියාසිටිනවා. 

මේ අතර මංතිරු නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මාර්ගවල නාමපුවරු  ප්‍රදර්ශනය කල පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu