අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ නවතා තිබූ පොලිස් බස් රථ සහ ලොරි රථ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව සහ මාර්ගය භාවිතා කරනු ලබන ජනතාවට කරදර සිදුවන ලෙස බාධා කරමින් විරෝධතාවයේ …
අද (19) මධ්‍යම රාත්‍රියේ සිට 35%කින් බස් ගාස්තු වැඩි කිරීමට තීරණය වී තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟම මෙලෙස බස් ගාස්තු වැඩි කිරීමටයි තීරණය වී ඇත්තේ.
තම බස් රථ ධාවනයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන ඉල්ලමින් නුවරඑලිය බස් නැවතුම්පොලේ සිට ගමන් ආරම්භ කරන දුර සහ කෙටිදුර ධාවන බස් රථ රියදුරන් අද (01) වැඩ වර්ජනයක නිරතවෙමින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිනවා.
ඉන්ධන අර්බුදය නිසා පෞද්ගලික බස් ධාවනය බරපතළ ගැටළුවකට පත්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් පෞද්ගලික බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව ඇති බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේසූරිය පවසන්නේ.
පවතින ඩීසල් හිඟයට පිළිගත හැකිවන පරිදි විසඳුමක් ලබා නොදුනහොත් ලබන සතියේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මේ වන විටත් බස් රථ දහසකට අධික සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත් අහ්ඩ් අද (29) දිනයේ දී …
ආර්ථික අර්බුදය හමුවේ කුපිත වී සිටින ජනතාව බස් රථවලට ද පහර දෙතැයි බියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන බස් රථවල නාම පුවරු ගලවා ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙන බව ආරංචි මාර්ග පවසනවා.
ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වූ බස් ගාස්තු සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සංශෝධිත බස් ගාස්තු පහත පරිදිවනවා.
අද (14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 15%කින් ඉහළ යනු ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 20ක් වනු ඇති බවයි පැවසෙන්නේ.
ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමඟම බස් ගාස්තු ද වැඩි කිරීමට සිදුවන බව බස් සංගම් පවසනවා.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවල ගමන්වාර ප්‍රමාණය 50%කින් අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඉදිරි පැය 48 ඇතුළත් ඩීසල් ලබා දීමට රජය කටයුතු නොකළහොත් පෞද්ගලික බස් රථ 15,000ක පමණ ධාවනය නතරවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
අද (28)උදෑසන හැටන් පොලිස් වසමේ දිකොය බරවල මාර්ගයේ ගමන් කරමින් තිබූ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් අඩි 45ක් ආසන්න ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.
ගාලු ආරේදී පෞද්ගලික බස් රථ කිහිපයකට කළුතෙල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කළුතර-කොළඹ, මතුගම-කොළඹ, අළුත්ගම-කොළඹ සහ අම්බලන්ගොඩ-කොළඹ අතර ධාවනය වන පෞද්ගලික බස් රථ කිහිපයකට මෙසේ කළුතෙල් ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
රුපියල් 14ට තිබූ ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
අවම බස් ගාස්තුව රුපියල් 16 දක්වා වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. රුපියල් 14ට පවතින අවම බස් ගාස්තුව ඒ අනුව රුපියල් දෙකකින් ඉහළ යනවා.
ඉ න්ධන මිල විශාල ප්‍රමාණයකින් ඉහළ යාමත් සමඟම බස් ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන බදාදා සිට බස් ගාස්තු වැඩි කිරීමට නියමිත බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසන්නේ.
බ ස්නාහිර පළාත තුල එළඹෙන මාසයේ සිට නව නීතියක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පතක් නොමැතිව කිසිදු මගියෙකු බස් රථවලට නොගන්නා බව එම අ…
ල බන අගෝස්තු මස පළමුවනදා සිට අනුමත ලද ලංගම බස් සහ පෞද්ගලික බස් රථ පමණක් පළාත් අතර ධාවනය යොදවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මෙම ගමන්වාර උදේ සහ සවස කාර්යාල වේලාවන්වලට පමණක් ක්‍රියාත්මක වීමට නියමිත අතර ඒ අතර තුර කාල…
ප ළාත් අතර පෞද්ගලික සහ ලංකා ගමනා ගමන බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත් හිටුවීමට තීරණය කර තිබෙනවා. මීට සමාන්තරව දුම්රිය ගමන්වාර ද පළාත් තුළට පමණක් සීමා කෙරෙනු ඇති.
ම ඟී ප්‍රවාහන බස් රථ දිගින් දිගටම අනතුරට පත්වීම් සැලකිල්ලට ගනිමින් එම බස් රථ සේවා සඳහා නව රියදුරු බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.