මෙම අනතුර සම්බන්ධයෙන් විධිමත් පරික්ක්ෂණයක් සිදු කිරීමට මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පත් කල කමිටුවේ නිළධාරින් (15) දින කොත්මලේ පොලිසිය වෙත පැමිණ අනතුරට පත් බස් රථය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කර තිබුණා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (තාක්ෂණ) අරුණ බැසිලේගම මහතා මෙම කමිටුවේ නායකත්වය ගනු ලැබුවා.
මෙම පරීක්ෂණය සඳහා කතරගම ලංගම ඩිපෝවේ කාර්මික අංශයේ නිළධාරින්, නුවරඑලිය කොට්ටාශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද, නුවරඑලිය කොට්ටාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාද, කොත්මලේ පොලිසියේ ස්ථානාධිපතිවරායාද ඇතුළු පිරිසක් පූර්ණ සහයෝගය දක්වා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ වාර්තාව ඉදිරි දිනක දී නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයටත්, මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාටත් ලබා දෙන බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (තාක්ෂණ) අරුණ බැසිලේගම මහතා පවසා ඇත්තේ.
මෙම අනතුර සම්බ්න්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර තිබූ නුවරඑලිය දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා අතුළු පරීක්ෂණ කණ්ඩායමේ නිගමනය වී තිබුනේ අනතුරට හේතුව රියදුරාට නින්ද යෑම බවයි.