මෙසේ නිදහස් කිරීමට නියෝග කර ඇත්තේ සින්ති සතුනා,රවුෆ් ෆාතිමා සාරා,ලෙබ්බෙ රිශානා,සාලිගු ජුනායි තීස්‍යා,කාසීම් මතනියා,ෆාතිමා ෂහිදා,ඉම්‍රහීම් සර්දා සහ සැකකරුවන් වන මොහොමදු ඉර්ෆාන් ,මොහොමදු ෂෆාන් යන අයයි.
2020 දෙසැම්බර් මස 11 දින අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කර පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප ලබා තිබුණා.
මොවුන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර අදාළ උදෘත නීතිපතිවරයාට යොමුකිරීමට ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් කටයුතු කර තිබුණා. ඒ අනුව නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු කරන බව පොලිසිය අධිකරණයට දන්වා තිබුණා.
ඉන් අනතුරුවයි සැකකරුවන් මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් භාරයේ තිබී පොලිසිය භාරයට ගන්නා ලද ජංගම දුරකථන ඇතුළු නඩු භාණ්ඩ ඔවුන් වෙත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව එම භාණ්ඩ ද සැකකරුවන් වෙත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.