පසුගිය මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුවේ දී පමණක් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන දහ අටක් ඉක්මවූ අලාභයක් ලබා ඇති බව වාර්තා සඳහන් කරනවා.
2024 පළමු කාර්තුවේදී ලංකා විදුලිඋ බල මණ්ඩලය රුපියල් බිලියන 84ක ලාභයක් ලබා තිබූ අතර මෙම අලාභය වාර්තා කර ඇත්තේ අඛණ්ඩව කාර්තු පහක් පුරාවටම ලාභ ලබා තිබෙන පසුබිමක බවයි සඳහන් වන්නේ.
මේ අතර විදුලි ගාස්තු වැඩි කිරීමේ යොජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරි දින කිහිපය තුළ දී මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිතව ඇති අතර මහජන උපයෝගිත කොමිසමේ අනුමැතිය ලැබුණහොත් ජූනි මාසයේ සිට විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිත බවයි පැවසෙන්නේ.