තිස් වසරක යුද්ධයේ 16වන විජයග්‍රහණ සැමරුම අදයි

තිස් වසරක් මුලුල්ලේ මෙරට ජනතාව පීඩා විදි රුදුරු ත්‍රස්තවාදය පරදා  එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගෙන අදට (18) වසර 16ක් සපිරෙනවා.

2009 වසරේ මැයි මස 18 වැනි දින  එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වීමත් සමඟින් යුද්ධයේ නිමාව සනි‍ටුහන් වූවා. පුදුකුඩිරිප්පු, නන්දිකඩාල් කලපුව ආසන්න ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ නායකයා ජීවිතක්ෂයට පත්වුණා. 

මෙම විජයග්‍රහණ සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් හෙට (19) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන්. එය පස්වරු 04,00 සිට පස්වරු 06.00 දක්වා පැවැත්වීමට නියමිතයි.  යුධ ජයග්‍රහනයෙන් පසු රණවිරු සැමරුම සඳහා රටේ ජනාධිපතිවරයා සහභාගී නොවන ප්‍රථම අවස්ථාව ද මෙය වනවා. 

යුද්ධය අවසන් වී වසර 16ක් වන දින විජයග්‍රහණයේ සැමරුම උදෙසා සෑම නිවසකම ජාතික ධජය ඔසවා ඒ වෙනුවෙන් දිවිපිදූ හා කැපවූ අය වෙනුවෙන් ගෞරවය ලබා දෙන ලෙස දේශප්‍රේමී ජාතික පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu