ඉදිරියේ ඇතිවිය හැකි දැඩි ඉන්ධන අර්බුදයක් පිඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය අනතුරු අඟවා තිබෙනවා. එම සංගමයේ සභාපති මාධ්‍යයට අදහස් දක්වමින් මෙලෙස පවසා තිබෙනවා.
"දැනට විදේශීය ඉන්ධන මෙරට බෙදා හරිනු ලබන සමාගම් තුන මඟින් ඉන්ධන නිකුත් කිරීම් තද බල ලෙස සීමා කරලා තිබෙනවා. ඔවුන් ඉන්ධන ලංකාවට ආනයනය කරන මිලත් ලංකාවේ ඉන්ධන විකුණන මිලත් අතර ලොකු පරාසයක් තිබෙන බවත් එම නිසා දැනට ඇති මිලට ඉන්ධන විකුණොත් ඔවුන්ට පාඩු සිදුව වන බවත් එම සංගම් පවසනවා.
නමුත් ලංකා ඛනිජ ත්ල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල්වලින් අඛන්ඩව තෙල් බෙදා හරිනු ලබවනවා. එයින් මහජනතාවට යම්කිසි සහනයක් ලැබෙනවා.
නමුත් ලංකාවේ බොහෝ පළාත්වල විදේශීය පිරවුම් හල් පමණයි තිබෙන්නේ. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල.
මෙය මූලික හේතුව වශයෙන් සංගම් පවසන්නේ ඉන්ධන විකිනීමේ දී ඇතිව තිබෙන මිල පරතරයයි. ඔවුන්ගේ ඉන්ධන මිලට වඩා අඩුවෙන් ඉන්ධන විකිණීමට සිදු වුවහොත් එම වෙනස රජය මඟින් ගෙවන බව ලංකාව සමඟ ගිවිසුම් ගත වනවිට පැවසූ බව එම විදෙස් සංගම් පවසනවා. දැනට එසේ ගෙවීමක් සිදු නොවන නිසා ඔවුන්ට පාඩුවට ඉන්ධන නිකුත් කල නොහැකි බව ඔවුන් පවසනවා.
මෙම තත්ත්වය ඉතා ඉක්මනින් පාලනය කර ගත යුතුයි.

