ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහ ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය
අනුරාධපුර ශික්ෂණ රෝහල: රුපියල් මිලියන 3,545 ක වියදමින් මහල් 8 කින් යුත් අති නවීන හෘද ප්‍රතිකාර සංකීරණයක් (JICA ආධාර යටතේ).
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල: රුපියල් මිලියන 2,403 ක වියදමින් මහල් 8 කින් යුත් අති නවීන හෘද ප්‍රතිකාර සංකීරණයක් (JICA ආධාර යටතේ).
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල: රුපියල් මිලියන 600 ක වියදමින් හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක සංකීරණයක් (ඉන්දීය ආධාර යටතේ).
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල: රුපියල් මිලියන 600 ක වියදමින් මහල් 4 කින් යුත් වාට්ටු සංකීරණයක් (ඉන්දීය ආධාර යටතේ).
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු මැති ඇමැතිවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරෝ ඉසොමාතා, JICA ප්‍රධාන නියෝජිත ෂිගේඕ හොන්සු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
මෙම ව්‍යාපෘති හරහා කොළඹින් බැහැර ප්‍රදේශවල ජනතාවට හෘද රෝග සහ හදිසි අනතුරු සඳහා අවශ්‍ය විශේෂඥ ප්‍රතිකාර තමන්ගේම ප්‍රදේශවලින් කඩිනමින් ලබා ගැනීමට අවස්ථාව සැලසේ

