ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ හිටපු ලෝක විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි සහ මෝස්තර ශිල්පිනියක වූ චූලා පත්මේන්ද්‍රන් යන දෙදෙනා අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි.
සැකකාරියන් දෙදෙනාට එරෙහිව නගා තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් මෙලෙස නිදහස් කර තිබෙනවා.
මෙම නඩුවේ සැකකාරියක වූ චූලා පත්මේන්ද්‍රන් මේ වන විට අභාවප්‍රාප්තව සිටින අතර, ඇය වෙනුවෙන් ඇයගේ ඇපකාරිය අධිකරණය හමුවේ පෙනී සිටියා.
වසර ගණනාවක් පුරා මහජන කතාබහට ලක් වූ මෙම අපකීර්තිමත් සිද්ධියට අදාළ නඩු තීන්දුව අද මෙලෙස අවසන් වුණා.

