බදු ආදායම ඉහළ නංවා රජයේ ණය බර අවම කිරීම නව රජයේ ප්රධාන අරමුණක් - ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර
බදු ආදායම ඉහළ නංවා ගැනීම වත්මන් රජයේ ප්රධාන ඉලක්කය බව ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතා ප්රකාශ කර සිටිනවා.
රජයේ ණය බර අවම කරමින් සංවර්ධන ව්යාපෘති සඳහා දේශීය අරමුදල් සෘජුව යොදාගත හැකි වන පරිදි බදු ආදායම ඉහළ නංවා ගැනීම මෙහි ප්රධාන අරමුණ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
හෙතෙම මේ බව ප්රකාශ කර සිටියේ දේශීය ආදායම් පරිපාලන විධායක නිලධාරීන්ගේ සංගමයේ 13 වැනි මහා සභා රැස්වීමට එක්වෙමින්.
අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක අභිබවා යාම මඟින් අමතර ණය ලබා ගැනීම් සහ ණය පොලී වාරික ගෙවීම් සැලකිය යුතු ලෙස අවම කරගත හැකි බව ඔහු මෙහි දී පෙන්වා දී තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී නව බඳවා ගැනීම් සිදු කිරීමට සහ මාස 36ක් ඇතුළත නව කාර්යාල ගොඩනැඟිල්ලක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බවද නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

