මෙම නව නෛතික පියවර යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රීවරයා සැප්තැම්බර් 16 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගත් බවට වන චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ , කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මෙම නඩුවට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන එන්. විජේනායක යන අය මීට පෙර සැකකරුවන් ලෙස නම් කර තිබුණා.. (කපිල චන්ද්‍රසේන මහතා පසුව අභාවප්‍රාප්ත විය).
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම එක්ව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වන නඩුවට මන්ත්‍රීවරයා සැකකරුවෙකු ලෙස ඇතුළත් කරමින් පුළුල් ඒකාබද්ධ විමර්ශන මෙහෙයවමින් සිටිනවා.

