හිමාල කඳු පන්තිය දැඩි අවදානමක - ග්ලැසියර් දියවීමේ වේගය භයානකයි

ලෝකයේ 'තෙවන ධ්‍රැවය' ලෙස විරුදාවලි ලත් පූජනීය හිමාලයානු හිම කඳු පද්ධතිය පෙර නොවූ විරූ පාරිසරික කඩාවැටීමකට ලක්ව ඇති බවට පරිසර විද්‍යාඥයින් දැඩි අනතුරු අඟවා තිබෙනවා. නවතම පර්යේෂණ වාර්තාවන්ට අනුව, පසුගිය දශකයට සාපේක්ෂව හිමාලයේ ග්ලැසියර දියවී යාම 65% කට අධික භයානක වේගයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේසමස්ත දකුණු ආසියාවේම ජල සහ ආහාර සුරක්ෂිතතාව තීරණය කරන හිමාලයානු කලාපය තුළ සමස්ත ග්ලැසියර 40,000 ක් පමණ පිහිටා තිබෙනවා. එහෙත්, ඉන් ක්‍රියාකාරී ලෙස නිරීක්ෂණය කෙරෙන්නේ ග්ලැසියර 21 ක් වැනි ඉතා සුළු සංඛ්‍යාවක් වීමෙන් කලාපීය පරිසර සංරක්ෂණයේ පවතින බරපතල හිඩැස මනාව පැහැදිලි වනව.

මෙම ග්ලැසියර දියවී යාමේ අර්බුදය හේතුවෙන් කඳුකර ප්‍රදේශවල නිර්මාණය වී ඇති දැවැන්ත ජල තටාක (Glacial Lakes) ඕනෑම මොහොතක පිපිරී යාමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා. මෑත කාලීනව නේපාලය සහ ටිබෙටය කම්පාවට පත් කරමින් ඇති වූ මහා ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අහිංසක මිනිස් ජීවිත 1,300 කට අධික ප්‍රමාණයක් අහිමි වූ අතර, එය මෙම ව්‍යසනයේ ආසන්නතම ඛේදනීය ප්‍රතිඵලයක්.

ගඩොල් පෝරණු ඇතුළු කර්මාන්ත මඟින් වායුගෝලයට මුදාහැරෙන කළු කාබන් සහ දැලි කට්ටි හිම තට්ටු මත තැන්පත් වීම මෙම අන්ත දියවීමට ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන බවයි සඳහන් වන්නේ. මිලියන සංඛ්‍යාත ජනතාවකගේ පැවැත්ම අහිමි කරමින් සමස්ත ආසියානු ආර්ථිකයම අගාධයකට හෙළිය හැකි මෙම උවදුර වැළැක්වීම සඳහා වායු දූෂණය වහාම පාලනය කළ යුතු බව පර්යේෂකයෝ අවධාරණය කර සිටිනවා.

ඒ අනුව, වායු දූෂණය අවම කිරීම, දැලි තැන්පත් වීම පාලනය කිරීම සහ සංචාරක ව්‍යාපාරය දැඩි විනයකට යටත්ව කළමනාකරණය කිරීම සඳහා කඩිනම් කලාපීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස නව වාර්තා මඟින් දැඩිව යෝජනා කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu