දුම්රිය වර්ජනයක් මැදත් කාර්යාල දුම්රිය ධාවනයට - වර්ජනයට හේතුව හෙළි වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලන ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
මෙම වර්ජනය ක්‍රියාත්මක වුවද මේ වනවිට සියලුම කාර්යාල දුම්රිය ඒවායේ නියමිත ගමනාන්ත වෙත ධාවනය ආරම්භ කර ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරිවරයා පවසන්නේ.

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තිය සමිති රැසක් මෙම වර්ජනයට එක්ව සිටිනවා. 

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකරට එරෙහිව විනය කඩ කළ බවට දුම්රිය පරිපාලනය විසින් ලිපියක් නිකුත් කර තිබුණා. 
එම විනය ලිපිය අත්හිටුවන ලෙස ඉල්ලා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආසිරි කරුණාවර්ධන විසින් ලිපියක් යොමු කර තිබූ පසුබිමක් තුළ මෙම වර්ජනය ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

ප්‍රවාහන අංශයේ පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය මධ්‍යයේ වුවද, මගීන්ට සිදුවන අපහසුතා අවම කරමින් දුම්රිය ධාවන කටයුතු පවත්වාගෙන යාමට බලධාරීන් පියවර ගනිමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu