Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Sri Lanka. Show all posts

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව මැයි 26 අඟහරුවාදා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බවයි එම මාධ්‍ය අංශය පෙන්වා දෙනවා.

විදෙස් රටවල සිට මෙරටට පැමිණි නිරෝධායනය මධ්‍යස්ථානය තුළ රැඳී සිටින ඇතැම් පුද්ගලයින්ගෙන් මැලේරියාව බෝවීමේ අවධානමක් මතුව තිබෙනවා.

කීට විද්‍යා විදුහලේ විදුහල්පති නජිත් සුමනසේන කියා සිටියේ කන්දකාඩුව, කටකැලියාව හා මින්නේරිය ප්‍රදේශවල ඇති නිරෝධායන මධ්‍යස්ථානවල මැලේරියාව පැතිරී තිබු රටවල සිට පැමිණ ඇති පුද්ගලයින් රුධිර සාම්පල ලබා ගැනීම ආරම්භ කර ඇති බවයි.

මෙරට කොරෝනා වෛසරස ආසාධනය වූ ගණන 1055 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (21) දිනය තුළ නව ආසාධිතයන් 27 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම දියගමදී ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආසන 60000කින් සමන්විත මෙම ක්‍රීඩාංගණය අක්කර 26ක භුමි ප්‍රදේශයක් සහිත බවයි වාර්තා වන්නේ.

මාරවිල ප්‍රදේශයේ පිරිසක් රස කරගෙන දේව මෙහෙයක් පැවැත්වූ දේව ගැතිවරයෙකුට එරෙහිව නිරෝධායන පනත අනුව නීතිමය පියවර ආරම්භ කිරීමට කටයුතු කරන බව මහවැව මහජන සෞඛ්‍ය නිලධාරී බි. එම්. වජිර නිලන්ත පවසනවා.

අද (16) දහවල් මෙම දේව මෙහෙය පවත්වමින් සිටි අවස්ථාවේ මෙලෙස මාරවිල පොලීසිය සහ මහවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැටලීම සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ඉදිරියේදී සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා වෛද්‍ය නියෝජිත වෛද්‍ය ධමින්දා අත්තනායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් ද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට එනම් මැයි 11 සඳුදා සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණි.

ලෝකයේ රටවල් හතරක් හැරෙන්නට කොරෝනා වෛරසය අනෙක් රටවල් බොහොමයක් තම ග්‍රහණයට ගෙන අවසන් වී තිබෙනවා.

මෙම වෛරසය චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් ආරම්භ වුවත් ලෝකයේ වෛරසය හේතුවෙන් දැඩි හානි සිදුවූ රටවල් අතුරින් චීනය සිටින්නේ 11 වන ස්ථානයෙයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාධිතයන් ගණන 771ක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (05) දිනය වන විට තවත් නව ආසාධිතයන් 20ක් තහවුරු කරගත් බවයි වාර්තා වන්නේ.

යේ (05) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාධිතයන්ගෙන් 33 දෙනාගෙන් 31 දෙනෙක්ම නාවික හමුදාවේ සෙබළුන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

අනෙක් රෝගීන් දෙදෙනා ඔවුන් ළඟින් ඇසුරු කළ අය බවයි වාර්තා වන්නේ.

ඳිරි නීතිය පවතින අවස්ථාවේ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදුවන ආකාරය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලබන 11 වනදා සිට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය පනවා ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන එදින විවෘතව පවත්වාගෙන යා යුතු වනවා.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් ගණන ඊයේ (01) දිනය වන 690ක් ලෙස වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනයේ දී පමණක් නව ආසාධිත රෝගීන් 25ක් හඳුනා ගත් අතර ඉන් 18 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බවයි වාර්තා වන්නේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 21ක හෙට උදෑසන 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීතිය ලිහිල් කිරීමට නියමිතයි.

ඒ අනුව මෙම ප්‍රදේශවල ලබන මස 1 වනදා දක්වා රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනු ඇති.

ප්‍රේල් 26 22:00 වන විට
Update - ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 505 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

--------------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 499 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් ගණන 416ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

415 වන රෝගියා ලෙස වාර්තා වී ඇත්තේ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත සමස්ථ රෝගීන් සංඛ්‍යාව 414ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වැලිසර නාවික හමුදා කඳවුරෙන් තවත් සෙබළුන් 30 දෙනෙක් ද තවත් 11 දෙනෙක් කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ ප්‍රදේශයේ පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

මස්ථ දිවයිනට අද (24) රාත්‍රි 8 සිට ඇඳිරි නීතිය පැනවීමට නියමතයි.


නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඓතිහාසික නියොගයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක‍්‍රලේඛයක් මගින් මෙම නියෝගයලබා දී තිබෙනවා. එම නියෝගයට අනුව  අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු, ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගනුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස  දන්වා තිබෙනවා. මේ බව ලේකම්වරුන් වෙත ද දැනුම් දී තිබෙනවා. 

තින් සරුවන හෙටක් වෙනුවෙන් ලක් දෙරණෙහි පුරන්ව ගිය කුඹුරු අස්වැද්දීමේ මහා කර්තව්‍යය වෙනුවෙන් තාරුණ්‍යයේ ජවය එක් වීම ලක් මවට වාසනාවන්ත කාලයක් උදා වීමේ පෙරනිමිත්තක්.

එම උතුම් කාර්යයය ආරම්භ කළ නාලක සේනාධීර ඇතුළු තරුණු පිරිවරට ශක්තියක් වීමට, වියත් මඟට පණ පෙවූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඉදිරිපත් වී තිබීම සෞභාග්‍යමත් අනාගතයකට තවත් අගනා බලාපොරොත්තුවක්.

සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් 'සියනෑ කතිකාව' නිර්මාණය කළ ආචාර්ය නාලක ගොඩහේවා මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීමේ කාර්යයට පුරෝගාමීව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ නාලක සේනාධීර ඇතුළු තරුණ ජවය ට රුකුලක් වෙමින්.



úch l=udr;=x. furg ckjd¾.sl w¾nqoh
úi£ug lghq;= l< kdhlfhla - w.ue;s mjihs


Èjx.; úch l=udr;=x. uy;d furg ckjd¾.sl w¾nqoh úi£ug fkdìhj l%shdl< nj;a" tu l%shdud¾. ysgmq ckdêm;skS pkaøsld l=udr;=x. uy;añh bÈßhg l%shd;aul lrk nj;a w.ue;s rks,a úl%uisxy uy;d mejeiSh' fld<U ìfIdma úoHd,hSh rÕyf,a§

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page