gossiplanka alexa ලොව බලගතුම පර්යේෂකයන්ගේ ලැයිස්තුවට පළමුවතාවට ශ්‍රී ලංකාවේ මහාචාර්යවරියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව බලගතුම පර්යේෂකයන්ගේ ලැයිස්තුවට පළමුවතාවට ශ්‍රී ලංකාවේ මහාචාර්යවරියක්

list-of-most-powerful-researchers-in-the-world
ලොව විශාලතම විද්‍යාත්මක පර්යේෂණ දත්ත එකතුවක් සහිත ආයතනයක් වන ‘ක්ලැරිවේට් විශ්ලේෂකයන්ගේ කණ්ඩායම’ (Clarivate™) මගින් සෑම වසරකම ප්‍රකාශයට පත්කරන ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට මෙවර (2021) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ නම ද ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලාංකිකයකු මෙම ලැයිස්තුවට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාරිසරික විද්‍යාව ආශ්‍රිත පර්යේෂණාගාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ලෙස ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කටයුතු කරන අතර මෙම ලැයිස්තුවට නම ඇතුළත්වීම ලොවපුරා විද්‍යාඥයන් දහසකින් එක් අයකුට හිමිවන අවස්ථාවක් බව ද ඇය සඳහන් කළාය.

ගතවූ වසර 10ක කාලයකදී විද්‍යාඥයන් විසින් විද්‍යා වෙබ්වල පළකරන පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව සහ ඒවායේ වටිනාකම සැලකිල්ලට ගනිමින් මෙම ලැයිස්තුවට සැකසීම සිදුවන බව ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පැවසුවාය.

ලොවපුරා පර්යේෂකයන් විසින් 2021 වසරේ දී, විවිධ ක්ෂේත්‍ර යටතේ පළකළ පර්යේෂණ පත්‍රිකා අතරින් විවිධ ක්ෂේත්‍ර වල පරීක්ෂණ සඳහා සුවිශේෂී බලපෑම් ඇතිකිරීමට ඉවහල්වූ සහ වැඩිම උපුටා දැක්වීම් කළ පරීක්ෂණ පත්‍රිකා හිමි විශිෂ්ටතම පර්යේෂකයන් අතර ශ්‍රේණිගත වී සිටීම ගැන ශ්‍රී ලාංකිකයෙක් ලෙස තමන් අතිශයින් සතුටු වන බව ඇය සඳහන් කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu