gossiplanka alexa කොරෝනා ආසාධනය වූ ගණන 690 දක්වා ඉහළට - නව ආසාධිතයින් 25න් 18ක්ම නාවික හමුදා සෙබළුන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාධනය වූ ගණන 690 දක්වා ඉහළට - නව ආසාධිතයින් 25න් 18ක්ම නාවික හමුදා සෙබළුන්

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් ගණන ඊයේ (01) දිනය වන 690ක් ලෙස වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනයේ දී පමණක් නව ආසාධිත රෝගීන් 25ක් හඳුනා ගත් අතර ඉන් 18 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බවයි වාර්තා වන්නේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ කොරෝනා ආසාධනය වූ නාවික හමුදාවේ සාමාජිකයින් ලඟින් ඇසුරු කළ පුද්ගලයින් 05 දෙනෙක්ට ද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි.

ඒ අනුව මෙම පුද්ගලයින් පස් දෙනාගෙන් පුද්ගලයින් සිව් දෙනෙක් එකම පවුලේ සාමාජිකයින් වනවා.

හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නච්චකුඩා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි මත්ද්‍රව්‍ය ඇබ්බහි වූ අයෙක්ට ද කොරෝනා ආසාධනය වී ඇති බවයි.

මේ අතර වැලිසර නාවික කඳුවරේ සෙබළුන් සහ ඔවුන් ආශ්‍රය කළ පුද්ගලයින් 296ක් හට ඊයේ දිනයේ වන විට කොරෝනා වැළඳී ඇති බව වාර්තා වනවා.

මේ වන රෝගීන් 521ක් රෝහල් වල ප්‍රතිකාර ලබන අතර තවත් මෙතෙක් කොරෝනා රෝගය වැළඳුනු බව තහවුරු නොවූ සැක සහිත රෝගීන් 145ක් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඊයේ දිනය වන විට රෝගීන් 162ක් වෛරසය ආසාධනය වී සම්පුර්ණයෙන්ම සුවය ලැබූ ගණන 162ක් වූ අතර මෙතෙක් වෛරසයෙන් ශ්‍රී ලංකාවේ මියගිය ගණන 07ක් ලෙසයි සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu