gossiplanka alexa නිරෝධායනයේ සිටි කොළඹ ගුණසිංහපුර රෝගීන් දෙදෙනක් හදිසියේම ජිවිතක්ෂයට පත් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධායනයේ සිටි කොළඹ ගුණසිංහපුර රෝගීන් දෙදෙනක් හදිසියේම ජිවිතක්ෂයට පත් වෙයි

කොළඹ ගුණසිංහපුර සිට නිරෝධායනය සඳහා රැගෙන ගිය දෙදෙනෙක් අද (01) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කළේ මෙම පුද්ගලයින් දෙදෙනා අප්‍රේල් 14 ත් අප්‍රේල් 18 අතර දිනයකදී ගුවන් හමුදා විසින් පවත්වාගෙන යන මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබූ අය බවයි.

ඒ අනුව එම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි එක් අයෙක් අද උදෑසන ජිවිතක්ෂට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා අද සවස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනාගේ සිරුරු මුල්ලයාවේලි රෝහලේ මේ වන විට තැන්පත් කර ඇති අතර අද උදෑසන මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 80කට වැඩි බවට වාර්තා වනවා.

ජිවිතක්ෂයට පත්වූ දෙදෙනාගේ සාම්පල ද පරීක්ෂණයක් සඳහා යැවීමට නියමිත බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu