මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL) ඒකාබද්ධවය.
ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු:
* ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව සහ සුරක්ෂිතතාව තහවුරු කිරීම.
* සැපයුම් සහ ප්‍රවාහන පිරිවැය අවම කරගැනීම.
* මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රයේ අනාගත ඉල්ලුම සඳහා අවශ්‍ය වන ධාරිතාව කල්තියා සපයා ගැනීම.
මෙම ව්‍යාපෘතිය යටතේ මුතුරාජවෙල සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) සම්බන්ධ කරමින්, ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහාම පමණක් වෙන් වූ විශේෂ නළ මාර්ගයක් සහ ඊට අදාළ නව ටැංකි සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය.

