gossiplanka alexa ජනපතිගෙන් ඓතිහාසික චක‍්‍රලේඛයක්.. අගමැති හා සියළු අමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ට රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තහනම්..

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනපතිගෙන් ඓතිහාසික චක‍්‍රලේඛයක්.. අගමැති හා සියළු අමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ට රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තහනම්..


නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඓතිහාසික නියොගයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක‍්‍රලේඛයක් මගින් මෙම නියෝගයලබා දී තිබෙනවා. එම නියෝගයට අනුව  අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු, ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගනුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස  දන්වා තිබෙනවා. මේ බව ලේකම්වරුන් වෙත ද දැනුම් දී තිබෙනවා. 

එසේම නියෝගයෙන් තව දුරටත් උපදෙස් දී ඇත්තේ එවන් පණිවිඩ නිකුත් කළ හැක්කේ අගමැති ලේකම්, අමාත්‍යංශ ලේකම් හා රාජ්‍ය ලේකම්වරුන්ට පමණක් බවයි. ඒ අනුව අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසටත් එවන් කටයුතු මින් පෙර සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කරන ලෙසටත් චක‍්‍රලේඛය මගින් දැනුම් දී තිබෙනවා. 

එම සම්පූර්ණ චක්‍රලේඛය පහතින්, 


source : lankacnews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu