gossiplanka alexa නිරෝධායන නීති නොතකා දේව මෙහෙයක් කළ දේව ගැතිවරයෙක්ට නඩු පැවරීමට තීරණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධායන නීති නොතකා දේව මෙහෙයක් කළ දේව ගැතිවරයෙක්ට නඩු පැවරීමට තීරණය කරයි

මාරවිල ප්‍රදේශයේ පිරිසක් රස කරගෙන දේව මෙහෙයක් පැවැත්වූ දේව ගැතිවරයෙකුට එරෙහිව නිරෝධායන පනත අනුව නීතිමය පියවර ආරම්භ කිරීමට කටයුතු කරන බව මහවැව මහජන සෞඛ්‍ය නිලධාරී බි. එම්. වජිර නිලන්ත පවසනවා.

අද (16) දහවල් මෙම දේව මෙහෙය පවත්වමින් සිටි අවස්ථාවේ මෙලෙස මාරවිල පොලීසිය සහ මහවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැටලීම සිදු කර තිබෙනවා.

අදාළ දේව ගැතිවරයා විසින් මාරවිල නගරයේ තුන්මහල් ගොඩනැගිල්ලක තුවාන මහලේ කුඩා දරුවන් සිවු දෙනෙක් සහ තවත් 27ක් සමඟ එක්ව මෙම දේව මෙහෙය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ මෙලෙස දේව මෙහෙයට සහභාගී වූ පිරිස අතුරින් කිහිපදෙනෙක් මුඛ ආවරණ පවා නොමැති වූ බවයි.

මෙම ස්ථානයේ මීට පෙර අවස්ථා කිහිපයකදී මෙලෙස දේව මෙහෙයන් පවත්වා ඇත්තේ නිරෝධායන පනත ද නොතකා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ.

දේව ගැතිවරයා මිට පෙර අවස්ථාවකද ශබ්ද වාහිනී යන්ත්‍ර මඟින් දේව මෙහෙයවීම පිළිබඳ මාරවිල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu