gossiplanka alexa ළමුන්ට බලපාන වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නවතම අනාවරණයක් - වෛරසය කොරෝනා හා සම්බන්ධ විය හැකි බවට අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ළමුන්ට බලපාන වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නවතම අනාවරණයක් - වෛරසය කොරෝනා හා සම්බන්ධ විය හැකි බවට අනතුරු ඇඟවීමක්

මයින්ට බලපා ඇති මල්ටි – සිස්ටම් ඉන්ෆ්ලේමටොරි සින්ඩ්‍රෝමය (MIS-C), කොවිඩ් – 19 වෛරසය හා සම්බන්ධතාවක් තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසනවා.

 ඒ පිළිබඳව වාර්තාවක් නිකුත් කරන බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කර සිටියේ.

ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලොව පුරා සිටින සියලුම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේ ළමයින් තුළ ඇතිවිය හැකි කොරෝනා වෛරසය ආශ්‍රිත මෙම නව දුර්ලභ රෝගය පිළිබඳ විමිසිල්ලෙන් සිටින ලෙසයි.

එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ “පසුගිය සති තුන තුළ යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ වාර්තාවලින් කියවුණේ මල්ටි – සිස්ටම් ඉන්ෆ්ලේමටොරි තත්ත්වයන් සමග දරුවන් සුළු පිරිසක් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කළ බවයි.

‘කවසාකි ඩිසීස්’ රෝගයට හා ‘ටොක්සික් ෂොක් සින්ඩ්‍රෝමය’ට සමාන සමහර රෝග ලක්ෂණ මෙහි දී පෙන්නුම් කරන බවයි.

මෙම දුර්ලභ රෝගය පිළිබඳව එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන (CDC) විසින් ඊයේ (15) සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්ද නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව උණ තත්ත්වයෙන් පෙළෙන හා අවම වශයෙන් ඉන්ද්‍රීය පද්ධති දෙකක්, එනම් හදවත හා පෙනහළු හෝ වකුගඩු ක්‍රියාකාරීත්වයේ අක්‍රීයතාවකින් පෙළෙන දරුවන් මෙම රෝගී අවස්ථාවේ පසුවන බව සැලකිය හැකි බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් – 19 ප්‍රතිචාරයේ තාක්ෂණික නායක, වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ, අලුතින්ම හඳුනාගෙන ඇති ළමයින් තුළ දැකිය හැකි මල්ටි – සිස්ටම් ඉන්ෆ්ලේමටොරි සින්ඩ්‍රෝමය (MIS-C) මේ අවස්ථාවේදී යම් ව්‍යාකූල චිත්‍රයක් පෙන්වන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu