gossiplanka alexa සුළි කුණාටුව චන්ඩ සුළි කුණාටුවක් වන බවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුළි කුණාටුව චන්ඩ සුළි කුණාටුවක් වන බවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කුණ / බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඉදිරි පැය 36 තුලදී මිලිමීටර් 150ක් ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින වර්ෂා සහිත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

සෙසු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි පෙන්වා දෙනෙන්.

ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව මේ වන විට ඇතිව තිබෙන අඩු පීඩන තත්ත්වය අද පෙරවරු 11.30 වන විට ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් කිලෝමීටර් 620ක් පමණ දුරින් ස්ථානගතව බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම කාලගුණ තත්ත්වය අද දිනය තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (15) රාත්‍රී සිට අද (16) අලුයම තෙක් මිලිමීටර් 140ක වැසි  ලැබුණු බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකය පවසනවා.

මෙම වැසි සමඟ කාසල්රි, මාවුස්සාකැලේ, නොටන්බ්‍රිජ්, විමලසුරේන්ද්‍ර ජලාශ වල අද උදෑසන වන විට වාන් දැමීමට පටන්ගෙන ඇති අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් 6 බැඟින් විවෘත කර තිබෙනවා.

මේ වන විට හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි තේ වත්ත ප්‍රදේශයේ කොටසක් නාය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශය අසල පිහිටි පලයාඩු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයේ පස් කඳු කඩා වැටී රථවාහන ගමනාගමනය බාධා එල්ල වී ඇති අතර එම ප්‍රදේශයේ විදුලි බලයද ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දිවයින පුරා ඇතිවී ඇති වර්ෂා සහිත තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ඇතිවිය හැකි අවධානම් සහ ස්වභාවික විපත් සලකා පෙර සුදානම් ලෙස නාවික හමුදාවේ සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.

මේ වන විටත් දකුණු පළාතේ තවලම, උඩුගම, නාගොඩ යන ප්‍රදේශ, සබරගමුව පළාතේ රත්නපුර ප්‍රදේශයේ නාවික හමුදාව සහන සැලසීමේ ක්ෂණික ප්‍රතිචාර සහ මුදවා ගැනීමේ කණ්ඩායම් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ඒ සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) සහ  විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් අනුයුක්ත තිබෙනවා.

මේ අතර දිවයින පුරා පවතින කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑම් අවධානම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා මෙම අවධානම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu