gossiplanka alexa අපේ විශ්වාසයන් රජය පිළිගන්න ඕන - වෛරසයෙන් මියයන මුස්ලිම්වරුන්ගේ සිරුරු භුමදානයට අවසර ඉල්ලා රිෂාඩ් ශ්‍රේෂ්ඨාධිකරණයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අපේ විශ්වාසයන් රජය පිළිගන්න ඕන - වෛරසයෙන් මියයන මුස්ලිම්වරුන්ගේ සිරුරු භුමදානයට අවසර ඉල්ලා රිෂාඩ් ශ්‍රේෂ්ඨාධිකරණයට

මුස්ලිම් ජාතීන්ගේ ආගමික ඇදහිළි සහ විශ්වාසයන් ශ්‍රී ලංකා රජය පිළිගතයුතු බවට පවසමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලීම් නායකයින් පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ගොනුකර තිබෙනවා.

“ද හින්දු” පුවත් සේවය වාර්තා කර තිබූ එම පුවතක දැක්වුණේ බදියුදීන් ඇතුළු පිරිස විසින් මෙම පෙත්සම් ඊයේ දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

කොරෝනා වයිරසය නිසා මියගිය සියල්ලන්ගේම සිරුරු ආදාහනය කිරීමට තීරණය ගත් සෞඛ්‍ය බලධාරීන් මෙම පෙත්සම් මගින් අභියෝගයට ලක් කර තිබෙනවා.

ඊයේ (15) දිනය වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 935 ක් වාර්තා වී ඇති අතර ඉන් 477 ක් සුවය ලබා ඇති අතර මිය ගිය නව දෙනෙක් අතරින් සිව් දෙනෙක් මුස්ලිම් ජාතිකයින් වන අතර ඔවුන්ගේ පවුල්වල සාමජිකයින්ගේ විරෝධතා නොතකමින් එම සිරුරු ආදාහනය කර ඇති “ද හින්දු” වාර්තා කරනවා.

කොවිඩ් නිසා මියගිය බවට සැක කෙරුණ තවත් මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු තුනක් ද ආදාහනය මේ අතරතුර ආදාහනය කර තිබෙනවා.

මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රජය වෙත ඉදිරිපත් කර ඇතැයි පැවසෙන නිවේදනයක් ද හින්දු පුවත්පත උපුටා දක්වා ඇති අතර මුස්ලිම් වරුන්ගේ ආගමික ඇදහිළි සම්බන්ධව බලධාරීන් ගරු කළ යුතු බව එහි දක්වා ඇත්තේ.

ලොව පුරා මිලියන ගනණක ආසාධිතයින් වාර්තා වන පසුබිමක, මියයන ලක්ෂ ගණනකගේ සිරුරු මිහිදන් කෙරෙන බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එළෙස මිහිදන් කළ සිරුරු මගින් වෛරසය ව්‍යාප්ත වූ බවට කිසිඳු සාධකයක් මෙතෙක් හමුවී නැතැයිද හිටපු අමාත්‍ය බදියුදීන් සිය නිවේදනයෙන් පෙන්වාදී ඇති බව හින්දු වාර්තා කර තිබෙනවා.

කොරෝනා වැලදී හෝ ඒ මත සැකපිට මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කළ යුතු බවට නියෝග කරමින් ඉකුත් මාර්තු මස 31 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශය නියෝග පනවා එහිදී එම සිරුරු සම්බන්ධ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද ක්‍රමවේදයක් ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

වෛරසය වැලදුන මුස්ලිම් ජාතිකයකුගේ මරණින් පසු දිනයේ මෙම නියෝග ක්‍රියාවට නැංවුණ අතර ඉකුත් අප්‍රේල් 11 වැනිදා කොවිඩ් මරණ ආදාහනය අනිවාර්ය කරමින් රජය ගැසට් නිවේදනයක් ද ගෙන ඒමට කටයුතු කළා.

මෙම නව නීති නිසා ශ්‍රී ලංකාවේ ජන ගහණයෙන් 10% ක් එනම් මිලියන දෙකක් වූ මුස්ලිම් ජනතාව කැළඹීමට පත්වුණා.

ජමියතුල්ලා උලමා සංවිධානය ඇතුළු මුස්ලිම් සංවිධාන මෙන්ම ආගමික නියෝජිතයින් මෙහිදී රජයට ප්‍රකාශ කරසිටියේ සිරුරු සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය දී තිබූ උපදෙස් පිළිපැදිය යුතු බවයි.

සිරුරු ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීමට “හැකිය” යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය එහිදී උපදෙස් ලබා දී ඇතැයි
ඔවුන් පෙන්වා දුන් නමුත් රජයේ ස්ථාවරය වෙනස් නොවූ පසුබිමක සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මැදිහත් කරුවන් මෙන්ම සිවිල් අයිතීන් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය යළි සළකා බලන මෙන් රජයට බලකර සිටිනවා.

කොවිඩ් හමුවේ මුස්ලිම් ජනයාගේ සිරුරු භූමදාන කිරීමේ අයිතියට රජය ගරු කරන ලෙසද ඔවුන් දන්වා සිටින්නේ.

ඉදිරි සතිය තුළ මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිත බවද ද හින්දු පුවත්පත වැඩිදුරටත් වාර්තාකර තිබෙනවා.

උපුටා ගැනීම - ද හින්දු
https://www.thehindu.com/news/international/petitions-challenge-sri-lankan-governments-compulsory-cremation-rule/article31585459.ece?fbclid=IwAR0IHB5Qe6LXNa0nYGQtad_C8dClDYOoRXwQQgSOTXi_7M-_XO8S8Y_Gvzs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu