gossiplanka alexa ඊයේ දිනයේ දී නව ආසාධිතයන් 25 දෙනෙක් හමුවෙයි - සමස්ථ රෝගීන් ගණන 960ක් දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයේ දිනයේ දී නව ආසාධිතයන් 25 දෙනෙක් හමුවෙයි - සමස්ථ රෝගීන් ගණන 960ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාධනය වූ සංඛ්‍යාව 960 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය 24 තුලදී නව ආසාධිතයන් 25 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි.

වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ නව ආසාධිතයන් 25 දෙනාගෙන් 12 දෙනෙක් නාවික හමුදා සෙබළුන් බවයි.

මේ අනුව මෙරට කොරෝනා ආසාධිත නාවික හමුදා සෙබළුන් ගණන 511ක් දක්වා ඉහළ යනු ලබනවා.

තවත් ආසාධිතයන් දෙදෙනෙක් ඊයේ (16) නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වී ඇති අතර ඉන් එක් අයෙක් මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ රෝගියෙක් වන අතර අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

මේ වන විට සමස්ථ කොරෝනා ආසාධිතයන් 960 දෙනාගෙන් 431ක් මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මෙතෙක් කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු නොවූ සැක සහිත ප්‍රතිකාර ලබන රෝගීන් 106 දෙනෙක් ලෙසයි සඳහන් වන්නේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ වෛරසය වැළඳී පුර්ණ සුවය ලැබූ ගණන 520ක් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu