gossiplanka alexa පසුගිය දින 12 තුළ නව කොරෝනා ආසාධිත රෝගීන් 440ක් සොයාගනී - ඊයේ දිනයේ දී පමණක් නව ආසාධිතයන් 33ක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පසුගිය දින 12 තුළ නව කොරෝනා ආසාධිත රෝගීන් 440ක් සොයාගනී - ඊයේ දිනයේ දී පමණක් නව ආසාධිතයන් 33ක්

යේ (05) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාධිතයන්ගෙන් 33 දෙනාගෙන් 31 දෙනෙක්ම නාවික හමුදාවේ සෙබළුන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

අනෙක් රෝගීන් දෙදෙනා ඔවුන් ළඟින් ඇසුරු කළ අය බවයි වාර්තා වන්නේ.

අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම රෝගීන් අතර වයස අවුරුදු 13ක දරුවෙක් සහ අවුරුදු 70ක කාන්තාවක් සිටින බවයි.

මේ අතර නාවික හමුදාවේ සෙබළුන් 327ක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙක්ට කොරෝනා වෛරසය ඊයේ දිනය වන විට ආසාධන වී ඇති බව තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් ගත වූ දින 12 තුලදී පමණක් මෙරටින් කොරෝනා ආසාධනය වී ඇති රෝගීන් ගණන 440ක් ලෙස වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu