Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label presidential. Show all posts

gossip news with circulars
නාධිපති ලේකම්වරයා විසින් අද සියලු අමාත්‍යංශ පළාත්සභා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මෙන්ම දෙපාර්තමේන්තු, සංස්ථා ප්‍රධානීන්වෙත විශේෂ චක්‍රලේකයක් නිකුත් කළා. ඒ කොරෝනා වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාමට උපදෙස් ඇතුළත්  කරමින්. 

සම්පූර්ණ චක්‍රලේඛය පහතින්

මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා  පත් කර ගැනෙන ඡන්ද විමසීම අද උදැසන 7ට ආරම්භ වුණා. ඒ අනුව පස්වරු 5 දක්වා ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වනවා. 

මෙවර ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 35ක්. ඉන් අපේක්ෂකයින් 20 දෙනෙකු ඉදිරිපත්ව ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂවලින්. තවත් 15 දෙනෙකු ස්වාධීන අපේක්ෂකයින් ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. 

ක්සත් ජාතික පක්ෂයේ කැඩීයාම වළක්වා ගැනීම සඳහා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දීමට පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍යවරයා  එකග වී ඇති බවට වාර්තා පළ වනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද අද ප්‍රකාශ කළේ තමන් ඉදිරියට තැබූ අඩිය යළිත් පිටුපසට නොගන්නා බවයි.

ක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා මේ වන විට දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් ලැබී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පූමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මේ සතියේ නම් කිරීමට නියමිත බව වාර්තා වනවා. 

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මැතිවරණය පැවැත්වීමට කලින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැදවීම සිදුකරන බවයි. 

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටින්නේ  රජයේ සේවයන්ට දැනුම් දී තිබෙන්නේ මෙම මස 15 වන දින සිට නාමයෝජනා කැඳවන දිනය දක්වා සූදානමින් සිටින ලෙස යි. 

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී  ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමට නියමිත දිසාපතිවරුන් 16ක් කෘත්‍රිම චෝදනා ඉදිරිපත් කරමින් සංචිතයට යවන්නේ ඡන්ද මංකොල්ලයකට මේ ආණ්ඩුව සූදානම් වන නිසා බවයි.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා වැඩි දුරටත් කියා සිටියේ

කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා පවසන්නේ මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා එලැබෙන 06 වැනිදා නම් කරන බව යි. 6වනදා පක්‍ෂයේ 72 සංවත්සරය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බවද ඔහු සඳහන් කරනවා.

මෙම සමුළුව සඳහා රට පුරා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන පළාත් සභා පාර්ලිමේන්තු ඇතුළු සංවිධායකයින් සහභාගී වන බව ද ඔහු කියා සිටිනවා. 

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය වෙනුවෙන් ගෙන යන සටනට  සටන්විරාමයක් ලබාදෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව බව  සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවයේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.

තවද, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයට පැමිණ නැති බවත් එම ප්‍රකාශකයා සඳහන් කරනවා. 

මේ අනුව යොදා ගෙන ඇති පරිදි එන 05වැනිදා කුරුණෑගලදී ‘සජිත් එනව’ ජන ‍රැළියන පැවැත්වෙන බවත් ඒ සදහා එජාප මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් එක්වන බවත් ඔහු සදහන් කරනවා. කෙසේ වෙතත් මෙම ජන ‍රැළියේදී පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට කිසිදු විවේචනයක් එල්ල නොකර සිටිනු ඇතැයිද වාර්තා වනවා. 

තිබෙන නීතිමය ප්‍රතිපාදන අනුව ලබන සැප්තැම්බර් 15න් පසුව ජනාධිපතිරවරනය කැඳවීමට තමන්ට බලය ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ අනුව 2019 ජනාධිපතිවරණය කැඳවීම මෙම සැප්තැම්බර් 15දාට පසුව සිදුකරන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ඉන්පසු දින 44ත් දින 65ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි. 

ලුත් තරුණ ඡන්ද නියෝජනය කරමින් හරිත සරසවි සිසුන් 900ක පමණ ප්‍රමාණයක් සම්බන්ධකර ගනිමින් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක ප්‍රතිඵලයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 59% ඡන්ද ප්‍රමාණයක් ද සජිත් ප්‍රේමදාස මහතා 17.5%ක් සහ අනුර දිසානායක මහතා 4.5%ක් ආදී වශයෙන් ලබා ගනිද්දී කරු ජයසූරිය මහතා ලබා සිටින්නේ 2%ක් පමණයි.

ශ‍්‍රීලනිපය කිසිසේත්ම පොදුජන පෙරමුණ සමග සන්ධානගත නොවිය යුතු බව පෙර් සිටම ප්‍රකශ කරන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කළ යුතු යයි පැවසූ බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙවර ජනාධිපතිවරණයට නොයෙක් දෙනා ඉදිරිපත් වීමට නියමිත බව නන් දෙසින් ආරංචි මාර්ග පැතිරෙනවා. අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සහ සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදානමින් සිටි බවට තොරතුරු වාර්තා වනවා. 

මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද සදහන් කර තිබුණේ නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 අතර දිනයක ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි. එය සනාථ කරමින් තවත් ඉහළ පෙළේ ආරංචි මාර්ගයක් පවසා සිටින්නේ එළැඹෙන නොවැම්බර් මස 16 වැනිදා මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බවයි.

ජනාධිපතිවරණය කැඳවීම ඔක්තෝබර් මුල සතියේ සිදු කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටිනවා.

සීමා නිර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නිල කාලය ඉක්ම වූ ඇතැම් පළාත් සභා මහජන නියෝජිතයන් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති කාලසීමාව මේ වනවිටත් අවුරුදු දෙකක් ඉක්මවා ගොස් තිබෙනවා.  ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සභා සියල්ලෙහිම නිල කාලය ඉක්ම ගොස් ඇති අතර, ඒ සියල්ල පාලනය කරනු ලබන්නේ පළාත් ආණ්ඩුකාරවරුන් විසින්.  

සීමා නිර්ණ කමිටු වාර්තාවක් නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් සිදුකරනු ලැබුවා.  ඒ අනුව එළඹෙන 23 වන දා ජනාධිපතිවරයාගේ මෙම මත විමසුම පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලීමට නියමිත වනවා.

දින 7 ක කාලයක් ඇතුලත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් පවත්වා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්දැයි දින තීරණය කළ යුතු බවට එම පක්ෂය මැති ඇමතිවරුන් පිරිසක් විසින් ලිඛිත ඉල්ලීමක් කිරීමට නියමිතව තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් වන ලිපිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අද (16)  දිනයේ භාර දෙනු ඇති බවයි නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පැවසුවේ. 

බන මස 03 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම්මේලනය පිළිබඳ පැවති සාකච්ඡාවකින් අනතුරුව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට නම් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයෙකු ඉදිරිපත් කළ යුතු බවයි. 

වත්මන් ජනධිපතිතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ඉල්ලීම් කර ඇති බවත් ජනධිපතිවරයා කැමතිනම් එ සඳහා තමනුත් සූදානම් බව මහලේකම්වරයා ප්‍රකාශකර සිටියා. 

සීමා නිර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් කර නැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය එළැඹෙන 30 වැනිදා හෝ ඊට පෙර දැනුම් දෙන ලෙස යි ජනාධිපතිවරයා දන්වා තිබෙන්නේ. 

ජාපයේ ගැ‍ටුම් මැද ජනතා විමුක්ති පෙරමුණ වෙනම ජනාධිපතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව එහි ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වනවා. 

මේ සඳහා වූ ජනරැළියක් එළැඹෙන 18 වැනි දා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සංවිධානය කර ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම එම පක්‍ෂයේ වැඩිම කැමැත්ත වී ඇති බවද වාර්තා වනවා. 

සෑම වෙසක් පොහොය දිනකදිම තමන් උපයාගත් මුදලින් දන්සැලක් දෙන යූ.ඩබ්.කේ.ඩබ්.අප්පුහාමි කියන්නේ මාතර නගරයේ ඉන්න කා අතරත් ප්‍රසිද්ධ යාචකයෙක්. මාතරින් ලැබෙන අළුත්ම වාර්තාව තමයි ඉදිරි ජනාධිපතිවරණයටඅප්පුහාමි මහතාත් ඉදිරිපත් වීමට නියමිත බව.  අප්පුහාමි මහතා  තවත් විවිධ සමාජ සේවා කටයුතුවලද නිරත වුවෙක්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරන්නේ 19 වන සංශෝධනය නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි අනිද්දා දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සූදානමක් ඇති බවයි. ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවකදී. 

ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙම කටයුත්ත සිදු වන බවත් බ්‍රහස්පතින්දා දිනයේ ඒ සඳහා සුභ නැකතක් බලා ඇති බවට තොරතුරු ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page