gossiplanka alexa වසර 20කට පසු දෙවන ධූර කාලයක් සඳහා නැවත තේරී පත් වූ ජනපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වසර 20කට පසු දෙවන ධූර කාලයක් සඳහා නැවත තේරී පත් වූ ජනපති

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් එම්මානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලා පෙන් (Marine Le Pen) පරදා ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. ඊයේ (24) පැවති දෙවන ඡන්ද විමසීමේ දී 58.55%ක ජන්ද ප්‍රතිශතයක්  ලබා ගත් එමානුවෙල් මැක්‍රොන් වසර 20 කට පසු දෙවන ධුර කාලයක් සදහා නැවත තේරී පත් වූ  ප්‍රථම ප්‍රංශ නායකයා  බවට පත් වුණා. 

අප්‍රේල් 10 වෙනිදා පැවති පළමු වටයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 12 දෙනා අතර, ඔහු සහ Marine Le Pen පිළිවෙලින් පළමු සහ දෙවන ස්ථාන ලබා ගැනීමෙන් පසු දෙවන තරඟ වටයට පිවිසියා. මෙම අවසන් අපේක්ෂකයන් දෙදෙනාම පිලිබඳ සෑහීමකට පත් නොවූ පිරිසක් ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර එය 28% ක ප්‍රතිශතයක්. ලොව නායකයින් මෙම මැතිවරණය දෙස බලා සිටියේ කිසියම් හෙයකින් Marine Le Pen ජයග්‍රහණය කළහොත් ඇය  යුරෝපා සංගමය හා බටහිර සමග දක්වන සබදතාව කෙසේ විය හැකිද යන්න පිළිබඳව සැකයක් මතුකරමින්. එසේම ඇය යුක්‍රේන රුසියා අර්බුදය කෙරෙහි කුමන ප්‍රතිචාරයක් දක්වයි ද යන්නත් සාකච්ඡාවට බදුන් වූ කරුණක්.

ජයග්‍රහණයෙන් අනතුරුව Emmanuel Macron සිය ජයග්‍රහණ කතාව සිදු කරමින් තමා සියලුදෙනාගේම ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් අතර තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය ලබා දුන් සියලු දෙනාට ස්තූතිය පුද කර සිටියා. තම දෙවන ධූර කාලය පළමු ධූර කාලයේ දිගුවක් නොවන බවත් ප්‍රංශය වර්තමානයේ මුහුණ දෙන ගැටලුවලට විසදුම් ලබා දීම සදහා කැප වන බවත්  ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා. 











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu