gossiplanka alexa අගමැතිවරයාට පක්ෂව සත්‍යවශයෙන්ම බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් සිටිනවා ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැතිවරයාට පක්ෂව සත්‍යවශයෙන්ම බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් සිටිනවා ද ?

අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහාය දැක්වීමට මන්ත්‍රීවරුන් 124 දෙනෙකු සිටින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා තිබෙනවා. ඔවුන් මේ පිළිබඳව ලිඛිතව ද දැනුම් දී ඇති බවයි ඔහු වැඩි  දුරටත් කියා සිටින්නේ. යම් හෙයකින් පාර්ලිමේන්තුව තුළ 113 නොපෙන්වන කණ්ඩායමකට අගමැති ධූරය ලබා දුනහොත් අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එම මන්ත්‍රීවරුන් 124 විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බව ඔහු පවසා තිබෙනවා. 

මේ අතර අගමැතිවරයාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදු පෙරමුනේ මන්ත්‍රීවරුන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණද ඒ සඳහා අත්සන් 46ක් පමණක් ලැබී තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කලා. මේ හේතුවෙන් පොහොට්‍ටුවේ උත්සායහ අත් හැර දැමීමට සිදු වූ බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේ. එසේම එය එසේ නොවේ නම් අගමැතිට සහාය පළකරමින් එකතුකල අත්සන් ලේඛනය වහාම ප්‍රසිද්ධ කරන ලෙස පොහොට්ටුවේ ප්‍රධාන ලේකම්ට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා අභියෝගයක් ද සිදු කලා. 

එසේම උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසා තිබුණේ අගමැතිවරයා තමන් ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් බව ඔහුට හිතවත් භික්ෂූන් වහන්සේලා පිරිසකට, පක්ෂ නායකයින්ට සහ ව්‍යාපාරික මිතුරන් පිරිසකට ප්‍රකාශ කර ඇති බවයි. නමුත් අගමැතිතුමාගේ තනතුරට මුවා වී බලය අයුතු ලෙස භාවිතා කරන, තනතුරු ‍රැකගැනීමට උත්සාහ දරණ ජාවාරම් කරුවන් පිරිසක් අගමැතිතුමාට අස් වීමට ඉඩ නොදී බලහත්කාරයෙන් රඳවාගැනීමට උත්සාහ දරණ බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටිනවා. ඔවුන් එම සෙල්ලම නවතා නොදමන්නේ නම් ඒ අයව නම් වශයෙන් ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා බව ද මන්ත්‍රීවරය පවසනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසා ඇත්තේ ආණ්ඩුව ඉවත් නොවුනහොත් පසුගිය දා ස්වාධීන වූ තම කණ්ඩායම අනිවාර්යයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu