gossiplanka alexa ජනාධිපති අපේක්ෂකයා දින හතක් ඇතුළත ‍තෝරා ගැනීමට අගමැතිට දැන්වීමක්, රහස් ඡන්දයක් පවත්වන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති අපේක්ෂකයා දින හතක් ඇතුළත ‍තෝරා ගැනීමට අගමැතිට දැන්වීමක්, රහස් ඡන්දයක් පවත්වන ලකුණු

දින 7 ක කාලයක් ඇතුලත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් පවත්වා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්දැයි දින තීරණය කළ යුතු බවට එම පක්ෂය මැති ඇමතිවරුන් පිරිසක් විසින් ලිඛිත ඉල්ලීමක් කිරීමට නියමිතව තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් වන ලිපිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අද (16)  දිනයේ භාර දෙනු ඇති බවයි නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පැවසුවේ. 

පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් 82ක් සිටින අතර එයින්  52 දෙනෙක්  ඊයේ රාත්‍රී වන විට මෙම ලිපියට අත්සන් තබා තිබූ බවයි ඔහු සඳහන් කලේ.

එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම රැස්වීමේදී ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීමට වැඩි ඉඩකඩක් ඇති බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස් කිරීම සදහා මෙමගින් යෝජනා කර නැති අතර පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ඒ සදහා වෙනම ක‍්‍රමවේදයක් ඇත. ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතාට රහස් ඡන්දයෙන් දිනා ගත අවස්ථාවක් ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකත්වය පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu