gossiplanka alexa ජනාධිපතිවරණයක දී ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරූ දේ මෙදා සැරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරණයක දී ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරූ දේ මෙදා සැරේ

මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා  පත් කර ගැනෙන ඡන්ද විමසීම අද උදැසන 7ට ආරම්භ වුණා. ඒ අනුව පස්වරු 5 දක්වා ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වනවා. 

මෙවර ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 35ක්. ඉන් අපේක්ෂකයින් 20 දෙනෙකු ඉදිරිපත්ව ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂවලින්. තවත් 15 දෙනෙකු ස්වාධීන අපේක්ෂකයින් ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. 

2018 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයක්. ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ඡන්ද දායකයින් සංඛ්‍යාව 17, 51 892 ක්. වැඩිම ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචි වී සිටින දෙවන දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. එම දිස්ත්‍රික්කයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් 16, 70 403 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. ඡන්දබල ප්‍රදේශ 160 ක් ආවරණය වන පරිදි ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙනවා.  ඒ සඳහා ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව   12,845 ක්. 

ඡන්ද විමසීම පස්වරු 5.00ට අවසන් වීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට නියමිතයි. දිවයිනපුරා එවැනි මධ්‍යස්ථාන 43ක් පිහිටුවා තිබෙනවා. එසේම මෙවර ජනාධිපතිවරණයේ රාජකාරී සදහා රාජ්‍ය නිලධාරීන් ලක්‍ෂ 4 ක් පමණ යොදවා සිටිනවා.

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ  සුවිශේෂතා රැසක් දක්නට තිබෙනවා. ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරග වදින ජනාධිපතිවරණය ලෙසයි මෙවර ජනාධිපතිවරණය ඉතිහාස ගත වන්නේ. 

අපේක්ෂකයින් 35 දෙනෙකු තරග වැදීම හේතුවෙන් ඡන්ද පත්‍රිකාවේ දිගද අඟල් 26ක් පමන වනවා. ඒ අනුව එයද මෙරට මැතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව ලෙසයි ඉතිහාස ගත වන්නේ. 

පෙර පැවති මැතිවරණවලදී ඡන්ද විමසීම පස්වරු 4 ට අවසන් කෙරුණු අතර මෙවර ජනාධිපතිවරණයේදී තවත් පැයක අතිරේක කාලයක් ඡන්දය ප්‍රකාශය කිරීමට අවස්ථාව ලබාදී තිබීමද විශේෂත්වයක්.

මේ අතර ජනාධිපතිවරයා,  බලයේ සිටින අග්‍රාමාත්‍යවරයා හෝ විපක්ෂනායකවරයා ජනාධිපතිවරණයක් සදහා ඉදිරිපත් නොවන පළමු අවස්ථාවද මෙය වනවා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින එකම අපේක්ෂිකාව වන්නේ ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ආචාර්ය අජන්තා වීරසිංහ පෙරේරායි. 

හිටපු ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයෙකු සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙකු මෙරට ජනාධිපතිවරණයක් සදහා තරග වදින පළමු අවස්ථාවද මෙය වනවා. 

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්‍ෂවලින් නොමැතිව ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයින් මෙහිදී වෙනත් පක්ෂවලින් මෙවර ජනාධිපතිවරණය සදහා තරග වැදීමද විශේෂත්වයක්. එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සදහා සිය අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කර ඇත්තේ 2005 වසරෙන් පසුවයි. 

මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරන මැතිවරණය ලෙසයි මෙවර ජනාධිපතිවරණය ඉතිහාස ගත වන්නේ. මෙවර ජනාධිපතිවරණය සදහා රුපියල් කෝටි 750කට වැඩි මුදලක් වැයවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. 

මෙවර ජනාධිපතිවරණය සදහා ඡන්දය භාවිත කිරීමට 231,229 ක නව ඡන්ද දායකයින් පිරිසක් සිටීමද මෙවර ජනාධිපතිවරණයේ තවත් විශේෂත්වයක්. 2015 ජනාධිපතිවරණයට සාපේක්‍ෂව මෙවර ජනාධිපතිවරණය සදහා නව ඡන්ද දායකයින්  947,607 දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu