gossiplanka alexa සුදු වෑන් රියදුරා සහ රත්‍රන් ගෙනා පුද්ගලයා රටින් පැන යයි, රාජිතට සිර දඬුවම් ??

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුදු වෑන් රියදුරා සහ රත්‍රන් ගෙනා පුද්ගලයා රටින් පැන යයි, රාජිතට සිර දඬුවම් ??

මැති රාජිත සේනාරත්න මහතා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ප්‍රකාශයන් නිකුත් කිරීමට පුද්ගලයින් දෙදෙනෙකු කැඳවා තිබුණා. එයින් එක් අයෙක් සුදු වෑන් රියදුරෙකු ලෙස පැවසූ අතර ඔහු කියා සිටියේ තමන් මිනිසුන් පැහැරගෙන මරා දැමීමට සම්බන්ධ වූ බවයි. අනෙක් පුද්ගලයා කියා සිටියේ  ප්‍රභාකරන් රත‍්‍රන් ටොන් 7000ක් කොළඹට ගෙනැවිත් ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදීමට තමන් සම්බන්ධ වූ බවයි.

ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසා සිටින්නේ ඉදිරි පැය 24ක කාලය තුල රටින් පලා යාමට සූදානම් වන බවයි. මේ වනවිටත් ඔවුන් දෙදෙනා සිය බොරු ‍රැවුල් ගලවා දමා, උපැස් යුවලද ඉවත් කර කොණ්ඩයද වෙනස් කරමින් විදේශ ගතවීමට සියල්ල සූදානම් කර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔවුන් විදේශයක පදිංචියට හෝ දීර්ඝකාලීන වාසය කිරීම සඳහා යාමේ සුදානමක් ඇති බව ද එම ආරංචි මාර්ග කියා සිටිනවා. මෙම මාධ්‍ය හමුව සදහා අදාල පුද්ගලයන් දෙදෙනාට කෝටා ගණනාවක මුදල් දී ඇති බව විපක්‍ෂයෙන් චෝදනා එල්ල කරනවා. 

මේඅතර ඇමැති රාජිත සේනාරත්න මහතා විසින්  සිදුකරන ලද මෙම විශේෂ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. අපරාධයක් දැනගෙන තොරතුරු වසන් කිරීම යටතේ ඇමතිවරයාට විරුද්ධව මෙම පැමිණිල්ල ගොනු කොට ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින්. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම ප්‍රකාශකයෙකු සදහන් කළේ රාජිත සේනාරත්න මහතා අනිවාර්යයෙන්ම දැඩි ප්‍රශ්න කිරීමට ලක්වනු ඇති බවයි. අපරාධයක් දැනගෙන එය වසන් කිරීම හේතුවෙන් රාජිත සේනාරත්න මහතා නීතිය ඉදිරියේ වරදකරුවෙකු වනු ඇතැයිද ඔහු කියා සිටියා. 

බොහෝ  විට වසර පහක් දක්වා වූ සිරදඩුවමක් නියම වීමට නීතියේ ඉඩක් ඇති බවද ඔහු තව දුරටත් පවසා සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu